රනිත්මා පෙරට

0
14


වියට්නාමයේ පැවත්වෙන FELET Vietnam International Series 2024 තරගාවලිය සහ බහරේනයේ පැවත්වෙන බහරේන් ජාත්‍යන්තර බැඩිමින්ටන් සූරතාවලි නියෝජනය කරමින් ඊයේ තරග වැදුණු ක්‍රීඩක ක්‍රීඩිකාවන් අතරින්,බහරේන් හී පැවත්වෙන තරගාවලියේ කාන්තා කේවල ඉසව්ව නියෝජනය කරන රනිත්මා ලියනගේ ට පමණක් ජයග්‍රහණය හිමි වුණා.

ඇය ඉන්දියාවේ යාස්වී භාත් පරාජය කරමින් ,ලකුණු 15 –21,21-14 සහ 21-16 ක් ලෙස තරගය ජය ගැනීමට සමත් වුණා.අද රනිත්මා අවසාන අට දෙනාගේ වටයේ දී එක්සත් අරාබි එමිරේට්ස් හී අයිසා ඕමර් ඛාන් සමග තරග වැදීමට නියමිතයි.

මෙම තරගාවලියේ කාන්තා සුදුසුකම් ලැබීමේ වටයෙන් තරග දෙකක්ම ජය ගෙන ප්‍රධාන තරග අංශයට ඇතුළත් වූ රශ්මි මුදලිගේ තරගාවලියට අදාළව අංක අංක හතරට ශ්‍රේණිගත කර සිටින බල්ගේරියාවේ ස්ටෙෆනි ස්ටෝඑවා සමඟ පැවති තරගයෙන් පරාජයට පත් වුණා.ඒ ලකුණු 24-26 ක් සහ 21-11 ක් ලෙස තරගයක් දීමෙන් අනතුරුවයි.

පිරිමි අංශයෙන් තරඟ වැදුණු ආශිංෂන හේරත් අනපේක්ෂිත පරාජයකට මුහුණ දුන්නා.ඒ බහරේනයේ මුහම්මද් ෆර්මන්සියා වෙතින්.එම තරගයේ දී ආශිංෂන ලකුණු 14-21,21-11 සහ 21 – 12 ක් ලෙස පරාජයට පත් වුණා.රෙෂාන් දිඹුක්කුවෙලගේ පරාජයට පත් වුණේ ලකුණු 21-9 සහ 21-13 ක් ලෙස එක්සත් අරාබි එමීර් රාජ්‍යෙය් භාරත් ලතීෂ්ට එරෙහිවයි.අද රනිත්මා මෙන්ම බහරේන් පළමු තරගාවලියේ දී ලෝකඩ පදක්කම්ලාභීන් වූ ඉසුරි අත්තනායක සහ සිතුම් ස සිල්වා ත් තරග බිමට පිවිසීමට නියමිතයි.

වියට්නාමයේ පැවත්වෙන තරගාවලියට සහභාගි වන රසිඳු හෙන්දහේවා සිය දෙවන තරගයේදී චීන තායිපේ ක්‍රීඩක ලු වෙයි හ්සුවාන් ඉදිරියේ පරාජයට පත් වුණා.ඒ පැයක කාලයක් ගත වුණ තරගයේ ලකුණු 21-23,21-14 සහ 21-14 ලෙසයි.දසිත්මා ජයතිලක කාන්තා අංශයේ දී වියට්නාමයේ ට්‍රාන් තී පෝන්ග් තුයි ඉදිරියේ පරාජය ලැබුවේ ලකුණු 21-9 සහ 21-15 ක් ලෙසයි.



Sri News Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here