රන් වටින රනිත්මා

0
12


අකුරට යන දරුවො තමන්ගෙ අකුරු ගබඩා කරගෙන යන පාසල් බෑග්වල ආදායම ඔවුන්ගේ ජීවිතය දමා ගෙන යන මෙවලමය.ඒ ජීවිකාව පාසල් බෑග් සැකසුම බැවිනි.ඒ ඉපැයුම්වල දැණුම ලං ගෙන යන අය ජීවිතය ජය ගන්නවා මෙන්ම එම නිෂ්පාදන ව්‍යාපාරවලින් තමන්ගේ සියලු දරුවන්ට ද යහපත පෙන්නූ පියෙකි අනුර ලියනගේ.

ඔහු ආත්මාරක්ෂක සටන්කලා ප්‍රගුණ කළ අයෙක්ය.සවිය මෙන්ම නමනීයත්වයද ජිවිතය හා බැදුණු අනුරගේ සහකාරිය වූ ගීතා සූරිය ආරච්චිචි නමනීයත්වය,දරා ගැනීම සහ ශක්තිය සපිරි කතක් වූවාය.මේ දෙනොගෙ දරුවන්ට ද ඒ හරහා නොසැලී පෙරට යාමේ හැකියාව ජානමය වශයෙන්ම එන්නත් කර තිබිණ.ලොකු පුතා අභිෂේක් අද විශ්ව වද්‍යාල සිසුවෙක්ය.පොඩි පුතු සේනුජ උසස් පෙළට පෙනී සිටින්නේය.
මේ පුතුන් දෙදෙනා කලකට ඉහත බද්දේගම ක්‍රිස්තුදේවය සතුව උන් ජාතික බැඩිමින්ටන් සූරියන් වන ඉමාලි ප්‍රනාන්දු සහ අනෝමා වික්‍රමනායක වැන්නන්ගේ මඟ එම විද්‍යාලය යළි ගමන් කරවීම, විදුහල්පතිණියව සිටි කේ.කේ.කොඩිතුවක්කා මෙන්ම ඉනික්බිති දේවිකා සිරිසූරිය ගේ උපදෙස් යටතේ ක්‍රියාත්මක විය.වෙමින් පවතින්නේය.

ඒ ආරම්භයත් සමඟ බැඩිමින්ටන් පුහුණු ගමනට අභිෂේක් සහ සේනුජ සමඟ පසුපසින් පැමිණි ඔවුන්ගේ නැගණිය අලුත් අවුරුද්දේ පළමු සටහනට පාදක කර ගන්නට සිතුවේ ඇය මේ වන විට ශ්‍රී ලංකාව සතුව සිටින විශිෂ්ඨම බැඩිමින්ටන් ක්‍රීඩිකාව වන බැවිනි.
රනිත්මා ලියනගේ නම් වූ ඇය අද වන විට මෙ‘සිරිලක පමණක් නොව විදෙස් හී ද පතළ නම ඇත්තියකි.විශේෂයෙන් මෙවර කණිෂ්ඨ බැඩිමින්ටන් ලෝක සූරතාවයේදී කාන්තා කේවල අංශයෙන් ඇය අවසන් පූර්ව වටය මුණ ගැසෙන තෙක් ආවාය.ඒ ඉතිහාසය ආඩම්බරයෙන් අලුත් කළ නව පිටුවක සිය චරිතය ලියා ගත් 17 හැවිරිදි රනුදි, 2028 ලොස් ඇන්ජලීස් ඔලිම්පික් උළෙලේ සුපැහැදිළි බැඩිමින්ටන් බලාපොරොත්තුව වී ඇත.

‘ස්කෝලෙන් ඇවිත් සෙල්ලම් කරා දිණුවා.ජාතික මට්ටමේ ක්‍රීඩිකාවන් එක්ක කරට කර තරග වැදෙන කොට මට හිතුණා මට ජාතික සූරිය වෙන්න පුළුවන් කියලා.‘
ඇය දැන් ජාතික සූරිය ය.ජාත්‍යන්තරය ජයගත හැකි බවට ඇයගේ හෘදය මත ස්ථීරව සටහනක් ලියැවෙන්නේ අවිද්‍යාත්මක සහ අතාර්තික පසුබිමක්,පදනමක් හරහා නොවේය.ඇයගේ දක්ෂතා අප කියවීමටත් වඩා ඇය විසින් නිවී සැනසිල්ලේ පැහැදිළිව කියවාගෙන ඇති බැවින්ය.
‘තරගාවලියෙන් තරගාවලියට වගේම නෙමෙයි,ඒත් මං හැමදාම අප්ඩේට් වෙනවා.තරගයෙන් තරගයට හොඳම දේ කරන්න උත්සාහ කරනවා.‘
අසීරු තරගයක් ජය ගැනීමෙන් ඉනික්බිති ලෝකයේ අංක එක වෙන්නට හැකි බවට පුරසාරම් දෙඩීමකට රනුදි සූදානම් නැත.

“තව ගොඩක් දුර තියෙනවා.මම තරගයෙන් තරගයට හිතනවා.
“තරගයට පෙර සිට මෙන්ම පසුවද ඇය ඉන්නේ හැදෑරීමකය.“
ඒ ජාත්‍යන්තර දක්ෂයන් කියවා ගැනීම අභිලාෂය කරගෙනය.
“ඒ අය වේගවත්,ශක්තිමත් සහ දරා ගැනීම අතික් ඉහළයි.ඒ නිසා වේගවත්ව තරගය පුරාම ඒ අය ඉන්නවා.එසේම ඔවුන්ගේ ප්‍රහාරයන් තෝඩ් එකෙන් පිට වැටෙන්නෙ නැතිම තරම්.“
රනුදි මේ දක්වා තමන් විඳ ඇති තරගකාරී මට්ටමේ තරග සම්බන්ධයෙන් ඇති අත්දැකීම් සමග කරුණු දිග හැරියේය.
එහෙත් ඒ සියල්ල සමඟ ජාතික සූරියක වීමෙන් පිටතට, ඇය සම්බන්ධයෙන් ඇයගේ සිතීමද,ක්‍රීඩාලෝලීන් ඇය ගැන තබන බලාපොරොත්තු සහගත ආකර්ශණයද මේ වන විට මැකි යා හැකිව තිබුණි.එය මැකීම වෙනුවට දිදුලන තරුවක හැඩය ගත්තේ වත්මන් බැඩිමින්ටන් සභාපති රොහාන් ද සිල්වාගේ ආරක්ෂා සහිත රැකවරණය,මඟ පෙන්වීම සහ ආර්ථිකමය වශයෙන් ඇයටත් ශ්‍රී ලංකා බැඩිමින්ටන්වලටත් ලබා දෙන ශක්තිය හේතුවෙන්ය.
“ඇත්තටම ස්ර් හිටියෙ නැත්නම් අද රනිත්මා ලෝකය නෙමෙයි ලංකාවමවත් නොදන්න කෙනෙක් වෙන්න තිබුණා.“
ඇය එසේ පවසන්නේ රොහාන් ද සිල්වා යනු බැඩ්මින්ටන් සභාපති වීම නිසා නොවේය.ඇයගේ බැඩිමින්ටන් ජීවිතය වෙනුවෙන් බැඩිමින්ටන් සභාපතිකම ඉක්මවා ඔහු දරණ මූල්‍යමය දායකත්වය ගැන ද මෙනෙහි කරමින්ය.මේ වන විටත් ජාතික මට්ටමේ සියලුම ක්‍රීඩික ක්‍රීඩිකාවන්ට ඉන්දුනීසියාවේ පුහුණුකරුවන් යටතේ පමණක් නොව ක්‍රීඩක ක්‍රීඩිකාවන් සමඟද එක්ව පුහුණු කටයුතුවල නියැලෙන්නට ලබා දී තිබෙන අවස්ථාව ඇය බෙහෙවින් අගය කරන්නේය.

විශේෂයෙන්ම බොහෝ දක්ෂයන්ට ලෝකය දකින්නට ඇති අවස්ථාවන් හැකිලෙන්නට දී පසුබසින්නට සිඳුවන්නේ ඒ සඳහා මූල්‍යමය ශක්තිය නොමැති කමින්ය.පෞද්ගලිකව ගතහොත් රනිත්මාට එවැනි ඉරණමකට මුහුණ දෙන්නට ඇති අවදානම් ඉඩ අහුරන්නේ රොහාන් ද සිල්වාය.
“අපට අඩුපාඩු තියෙනවා.තරගාවලියකට ගියහම පුහුණුකරුවො ඒ ක්‍රීඩකයන්ට පෞද්ගලිකව ඉන්නවා.සම්භාහනය කරන අය.කෑම බීම සම්බන්ධයෙන් වගෙ පුහුණු ටීම් එකක් ඉන්නවා.ඒත් අපේ රටේ එහෙම තත්ත්වයක් නැහැ.රොහාන් ස්ර් හින්ද යන්න හරි ලැබෙනවා.“
රනිත්මා තමන්ට ද එවැනි පසුබිමක් ඇ්නම් මීට වඩා යහපත් තත්ත්වයක් ඇති විය හැකි බව පෙන්වා දෙන්නේය.එහෙත් තිබෙන තත්ත්වයද රටක් හැටියට කළමණාකරනය කර ගන්නා ආකාරය ගැන ඊට කැපවෙන පිරිස ගැන ඇති ගෞරවය සුළු නැත.



Sri News Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here