රණවිරුවන්ගේ පවුල් වෙනුවෙන්

0
3


දිවිපිදු රණවිරුවන්ගේ සහ රණක්‍ෂිතයට පත් රණවිරුවන්ගේ පවුල්වල සාමාජිකයින්ගේ සුබසාධනය හා පවතින ගැටළු විසඳීම සඳහා ගත යුතු ක්‍රියාමාර්ග පිළිබද සාකච්ජා කිරීමේ අරමුණින් වැඩබලන ආරක්‍ෂක අමාත්‍ය, මේජර් ජෙනරල් අරුණ ජයසේකර (විශ්‍රාමික) මහතාගේ ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ජාවක් පැවැත්විණි.

මින් පෙර පැවති සාකච්ඡාවලදී එළඹි තීරණවලට අනුව, මේ දක්වා ලබාගෙන ඇති ක්‍රියාමාර්ගවල ප්‍රගතිය මෙන්ම රට දැය වෙනුවෙන් දිවිපිදූ රණවිරුවන්ගේ පවුල් සහ රණක්‍ෂිතයට පත් රණවිරුවන්ගේ පවුල්වල සාමාජිකයන් මුහුණ දෙන අභියෝග කිහිපයක් පිළිබඳව මෙම සාකච්ඡාවේදී විශේෂයෙන් අවධානය යොමුකර තිබුණ බව පැවසේ.

එහිදී මෙම ගැටළු ඵලදායීව සහ කාර්යක්‍ෂමව විසඳීම සඳහා ක්‍රමානුකූල ප්‍රවේශයක අවශ්‍යතාවය කමිටුව විසින් අවධාරණය කරනු ලැබීම විශේෂයි.

රණවිරුවන් සහ ඔවුන්ගේ පවුල්වල සුබසාධනයට ප්‍රමුඛත්වය ලබාදෙන ක්‍රියාමාර්ග කඩිනමින් ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාව පිළිබඳව වැඩබලන ආරක්‍ෂක අමාත්‍යවරයා විසින් එහිදී අවධාරණය කර තිබූ අතර ඵලදායී සහ තිරසාර විසඳුම් ලබා දීම සඳහා පත් කරනු ලැබූ කමිටුවෙහි කැපවීම ද එම සාකච්ඡාවේදී යළිත් තහවුරුවී තිබුණි.

සාකච්ඡාවෙන් අනතුරුව අදාල කටයුතුවල ප්‍රගතිය පිළිබඳ දැනුවත් කිරීමේ අරමුණින් මාධ්‍ය හමුවක් ද පවත්වන ලද අතර, එහිදී අමාත්‍යවරයා අවධාරණය කර තිබුණේ වත්මන් රජය මෙම රණවිරු පවුල්වල අවශ්‍යතා සපුරාලීමට සහ කඩිනම් සහ ප්‍රායෝගික විසඳුම් තුළින් ඔවුන්ගේ ජීවන යහපැවැත්ම සහතික කිරීමට කැපවී සිටින බවයි.

කොළඹ පිහිටි අමාත්‍යවරයාගේ කාර්යාලයේ පැවති මෙම සාකච්ජාවට මීට පෙර රණවිරුවන්ගේ සුභසාධන කටයුතු පිලිබඳ සොයා බැලීම සඳහා පත්කරනු ලැබූ ජ්‍යෙෂ්ඨ කමිටුවේ සභාපතිවරයා ලෙසද කටයුතු කරන ආරක්‍ෂක අමාත්‍යංශයේ අතිරේක ලේකම් – ආරක්‍ෂක, මුදල් ආර්ථික ස්ථායිකරන හා ජාතික ප්‍රතිපත්ති අමාත්‍යංශයේ අතිරේක ලේකම්, රණවිරු සේවා අධිකාරියේ සභාපති, විශ්‍රාම වැටුප් දෙපාර්තුමේන්තුවේ අධ්‍යක්‍ෂ, ත්‍රිවිධ හමුදා මාණ්ඩලික ප්‍රධානීන්, විෂයානුබද්ධව කටයුතු කරන ත්‍රිවිධ හමුදාවේ අධ්‍යක්‍ෂවරුන් ඇතුළු ත්‍රිවිධ හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරීන් හා ආරක්‍ෂක අමාත්‍යාංශ නිලධාරීන් පිරිසක්ද සහභාගී වී සිටි බව වාර්තා වේ.



Sri News Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here