අපනයන සංවර්ධන මණ්ඩලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරින් සහ අපනයනකරුවන් සමඟ ඊයේ (29) ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවේ දී ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ.
අපනයන වෙළෙඳ පහසුකම් සැලසීමට අනෙකුත් රාජ්‍ය ආයතන සහ ශ්‍රි ලංකා රේගුව ඒකාබද්ධ කර ගනිමින් තනි සේවා කවුළුවක් නිර්මාණය කිරීමේ වැදගත්කම එහිදී ජනාධිපතිවරයා විසින් පෙන්වා දී තිබුණි.
අපනයනවලට සම්බන්ධ රජයේ ආයතනවල කාර්යක්ෂමතාව ඉහළ නැංවීම හා ඩිජිටල්කරණයේ වැදගත්කම පිළිබඳව ද එහිදී කරුණු පැහැදිලි කර තිබේ.
එසේම බලශක්ති මිල සැලකිය යුතු මට්ටමකින් පහළ දැමීම, විදේශ අයෝජන ප්‍රවර්ධනය, ජාත්‍යන්තර වෙළෙඳපොළට ප්‍රවේශය ලබා ගත හැකි පරිදි තානාපති සේවා ප්‍රතිව්‍යුහගතකරණය ඇතුළු කරුණු පිළිබඳ රජයේ අවධානය යොමු ව ඇති බව ද ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සඳහන් කළේය.
මෙම සියලු අරමුණු ඉතා කෙටි කලක් තුළ ඉටු කර ගැනීම රජයේ අපේක්ෂාව බවත් ඒ වෙනුවෙන් ක්ෂේත්රයේ සියලු දෙනාගේ පුළුල් දායකත්වය අපේක්ෂා කරන බවත් ජනාධිපතිවරයා පැවසීය.
ඉදිකිරීම්, භාණ්ඩ ප්‍රවාහන හා සැපයුම්, මත්ස්‍ය අපනයන, තොරතුරු තාක්ෂණ, මැණික් හා ස්වර්ණාභරණ, මුද්‍රණ, වීදුරු හා පිඟන් භාණ්ඩ, කුළුබඩු කර්මාන්තය ආශ්රිත නිෂ්පාදන ඇතුළු ක්ෂේත්‍ර ගණනාවක් නියෝජනය කරමින් අපනයනකරුවන් එම සාකච්ජාවට එක්ව සිටියහ.
Sri News Media