තමා ඉදිරියටත් ජන විඥානය අවබෝධ කර ගෙන ජනතා අභිලාෂ සම්බන්ධයෙන් ප්රගතිශීලි ආකාරයටත් රටේ ප්‍රශ්න විසදෙන ආකාරයටත් කටයුතු කරන බවත් රජය ජනවරම ක්‍රියාත්මක කිරීමේ දී ජනතාවගේ පැත්තෙන් සුබවාදී සහ සහනදායි ක්‍රියා ක්‍රියාත්මක කිරීමට සහයෝගය ලබා දෙන්නටත් එසේම යම් කිසි අඩුපාඩුවක් ඌනතාවක් රජයෙන් සිදු වුවහොත් එය පෙන්වා දෙන්නටත් කටයුතු කරන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.
සමගි ජන බලවේගයේ නායක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ ඊයේ (නොවැම්බර් 20) සමගි ජන බලවේග මූලස්ථානයේදී මාධ්‍යවේදීන් නැගු ප්‍රශ්නවලට පිළිතුරු ලබා දෙමිනි.
මෙම කෙටි කාලය තුළ අඩුපාඩු සිදුවු තැන්, වැරදුණු තැන් සොයා බලන බවත් කණ්ඩායමක් ලෙස එකමුතුව සාමුහිකව කටයුතු කරන බවත් හෘද සාක්ෂියට අනුව 2020 පෙබරවාරි ආරම්භ වූ මේ පක්ෂයට ඉදිරි ගමනක් ඇති බවත් සාමුහිකත්වය රැකගෙන නව ගමනක් යන බවත් ඒ මහතා කියා සිටියේය.
ජනතා කැමැත්තෙන් පක්ෂයේ දෙවැනි පෙළ හදනවා
මැදකොළඹ මෙන්ම යාපනය කිලිනොච්චි දිස්ත්‍රික්ක වලත් සාම්ප්‍රදායික දේශපාලනය පරාජයට පත් වුවත් ඉන් පාඩම් ඉගෙන ගෙන ඉදිරි ගමනක් යන බවත් වැඩපිළිවෙළක් ලෙසත් කණ්ඩායමක් ලෙසත් බහුතරයකගේ හිත දිනා ගැනීමට බැරි වු බැවින් වැරදි අඩුපාඩු මගහරවා ගන්නා බවත් පැවසූ ඒ මහතා පක්ෂයේ දෙවැනි පෙළ හැදීම ජනතාවගේ කැමැත්ත බැවින් ජනතාවගේ කැමැත්තට මුල්තැන ලබා දෙන බවත් ප්‍රකාශ කළේය.
පක්ෂය වෙනුවෙන් කැපවූ සියලු දෙනාට ස්තූතියි
Sri News Media