රගර් නිලවරණය සම්බන්ධව දෙකොණ ගිණිගත් අයත් සිටිති – දෙකොණ ගිණි තබන අයත් සිටිති

0
6


කාලයක් තිස්සේ රගර් පරිපාලනයේ සිටි,දඩවලට රට යටත් කළ,රගර් පරිපාලනය ණය කළ පුද්ගලයින් දෙස් විදෙස් හි බලය නියමාකාරයෙන් සහ අනියමින් රැක ගෙන දේශපාලනඥයන්ට,අමාතංශ ඉහළ නිලධාරීන්ට හේත්තු වී රගර් පරිපාලනයට බාධා කරමින් කළ කටයුතු නවතා අධිකරණය විසින් කරනු ලැබූ නියෝගය අනුවත්,නව අමාත්‍යවරයාගේ සහ නියෝජ්‍ය අමාත්‍යවරයා මඟ පෙන්වීම මතත් නව නිලවරණයකට යාමට සූදානමින් සිටියි.මේ වන විට ඊට ක්‍රිඩාවට සම්බන්ධ ප්‍රබලයෙකුව මැදිහත් කරගෙන ජනාධිපතිවරයා හරහා සහ අග්‍රාමාත්‍යතුමිය හරහා මේ නිලවරණය නැවත්වීමට දරණ උත්සාහයක් ද වාර්තා වී තිබේ.එසේම අධිකරණය ලබා දුන් නියෝගයකට අනුව පැවත්වෙන මෙම නිලවරණයට එරෙහිව අධිකරණයට යාමේ උත්සාහයක් ද තිබෙන බව වාර්තා වෙයි.

මෙම නිලවරණය සඳහා අපේක්ෂකයින් තේරීමේ දී පළාත් සංගම්වල හැසිරීමේ සිටම වැරදියට භූමරංග භාවිතා කළ අය කෙරෙහි ඒවා තදින් නැවත පැමිණෙන අයුරු දැක ගන්නට ලැබිණ.විශේෂයෙන්ම පළාත් සංගම් දෙකක් සාමාජික මුදල් නොගෙවීම පාදක කරගෙන ඒවාට සදාකාලික වාරණයක් තිබිය යුතුය යන ආකාරයෙන් හැසිරෙමින් රොෂාන් රණසිංහ අමාත්‍යවරයාට උපදෙස් දෙමින්,පැමිණිළි කරමින් කටයුතු කළ පුදගලයෙකුට සභාපති ධූරයට ඉදරිපත්වීම වැළකී ඇත්තේ එම නාම යෝජනා ස්ථීර කර ඉදිරිපත් කළ පළාත් සංගම් සාමාජික මුදල් නොගෙවීම නිසාය.මෙවැනි තත්ත්වයකදී පිළි නොගත යුතු බව කියමින් වැඩියෙන්ම විවේචන ඉදිරිපත් කළ පුද්ගලයෙකුට එම හේතුවම පදනම් කරගෙන සභාපති ධූරයට ඉදිරිපත්වීමට නොහැකිවීම ඛේදයකි.
ඔහු දැඩිව පළාත් සංගම්වල ඡන්දබලය අහිමි කිරීම වෙනුවෙන් පෙනී සිටියදී පළාත් සංගම් කිහිපයක් ඔහුව යෝජනා ස්ථීර කිරීම ද සිතා ගැනීමට නොහැකි තත්ත්වයකි.එසේම ප්‍රතිපත්තිමය වශයෙන් එම සංගම්වල හෘදය සාක්ෂිය ප්‍රශ්නකාරී වන තත්ත්වයකි.ඒ ඔවුන්ගේ කැමත්තය.එහෙත් එය නීත්‍යානුකූල වීමට අවශ්‍යය පසුබිම සකසා ගෙන නොමැති වීම වරදක් වී ඇත.

එසේම බස්නාහිර පළාතෙන් උප සභාපති තනතුරකට ඉදිරිපත් වීමට උත්සාහ කළ ක්‍රීඩා විෂයට සම්බන්ධ ව්‍යාපාරිකයෙක් ද බස්නාහිර පළාතෙන් හෝ සුදුසුකම් නොලද්දේය.දැනට මෙම නාම යෝජනා සඳහා කැමත්ත අකමැත්ත ප්‍රකාශ කිරීමේදී විශේෂයෙන් බස්නාහිර පළාතේ තත්ත්වය අනුව ක්‍රීඩා සමාජ මට්ටමට වඩා පුද්ගලයින් සම්බන්ධයෙන් සුදුසුද නැද්ද යන්න සළකා බලා කටයුතු කිරීමේ ප්‍රවනතාවයක් දැකිය හැකිය.ඇතැම් කණ්ඩායම්වල සාමාජිකයින් ඡන්ද 1 හෝ 2 ලෙසත්,ඉතා අඩු ගණනක් ලැබීමත් දැකිය හැකි අතර එම කණ්ඩායම්වලටම සම්බන්ධ සමහර පුද්ගලයින් වැඩි ඡන්ද ප්‍රමාණයක් ලබා ගන්නා ආකාරයත් දැකිය හැකිය.

වසර ගණනක් රගර් පරිපාලනය ස්ථාවරව නොතිබුණේ ඇයි?

පැහැදිළිවම වරදකරුවන්ට දඬුවම් නොලැබීම නිසාය.පරිපාලනය පමණක් නොව ඇතැම් විට හරියට ක්‍රියාත්මක නොවන දුශ්කරතාවලට මුහුණ දෙන ක්‍රිඩා සමාජ මෙන්ම සමස්තරගර් ක්‍රීඩාවේ නැගිටීමද නැවතී ඇත්තේ වරදකරුවන් සම්බන්ධයෙන් මේ දක්වා පත්වූ පරිපාලන මෙන්ම ක්‍රීඩා අමාත්‍යංශය ද පියවර නොගැනීම නිසාය.පළාත් ලෙස විසිරී සිටින ක්‍රීඩා සංගම්,ක්‍රීඩා සමාජවල තත්ත්වය දියුණු කිරීමට ලෝක රගර් සම්මේලනය එවන මුදල් වැයවෙන්නේ නිලධාරීන් විසින් කළ වරදක දඩයක් ගෙවන්නය.එම වරද කළ නිලධාරීන්ම ලෝක සම්මේලනයට දන්වන්නේ එම මුදල සංවර්ධනය සඳහා එවන මුදලෙන් වාරික ලෙස වාර්ශිකව කපා ගන්නා ලෙසය.

ඉඨ පසුව විවිධ දේශපාලන පිනවීම් මෙන්ම වෙනත් කරුණු නිසා ද රගර් හී ගිණුම හිස් කළ මිනිසුන් එය ණය බරේ ගිල්වා ඇත.මේ සියල්ල නාමල් රාජපක්ෂ ක්‍රීඩා අමාත්‍යවරයා හිටපු රගර් නායකයෙකු ලෙස ක්‍රීඩා අමාත්‍ය ධූරයට පැමිණි පසු විසඳෙනු ඇතැයි ද රගර් ඉහළට එනු ඇතැයි ද සිතුවද,එම මොහොතේ සිඳු වුයේ වෙනත් දෙයක්ය.



Sri News Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here