අද(26)දින හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රකාශයක් ලබාදීම සඳහා අල්ලස් හෝ දුෂණ චෝදනා කොමිෂන් සභාව වෙත පැමිණ තිබේ.
ඒ අනුව මෛත්‍රීපාල සිරිසේන මහතාගෙන් මේ වනවිට ප්‍රකාශ සටහන් කර ගනිමින් සිටින බව, එම කොමිසම සඳහන් කළේය.
හිටපු ජනාධිපතිවරයා අද කොමිසමට කැදවා ඇත්තේ , රෝයල් පාක් ඝාතන සිද්ධියේ සැකකරුට පොදු සමාව ලබාදිම සම්බන්ධයෙන් මුදල් ලබා ගත්තා යැයි කියන සිද්ධියක් ගැන පුද්ගලයෙකු අල්ලස් කොමිසමට ඉදිරිපත් කළ පෙත්සමක් සම්බන්ධයෙන් කරුණු විමසීම සඳහා බව වැඩිදුරටත් තොරතුරු වාර්තා වේ.
Sri News Media