මේ අය රාජ්‍ය පාලනය අසමත්. ඇයි ඒ. අද්දැකීම් නැහැ – ලාන්සා

0
28


අනුර කුමාර දිසානායක ජනාධිපතිතුමා වේදීකාවේ එකක් කියන බවත් ජනාධිපති පුටුවේදී තවත් එකක් කියන බවත් නිවුන් සහෝදරයන් දෙදෙනෙකු ලෙස හැගෙන බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් ලාන්සා මහතා පැවසීය.

නිමල් ලාන්සා මහතා මෙම අදහස් පළ කර සිටියේ කටාන, ඇත්ගාල පැවති ජන හමුවකට සහභාගී වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැකිවූ නිමල් ලාන්සා මහතා,

“අපි ප්‍රබල විපක්ෂයක් හදන්න කටයුතු කරනවා. දිනලා ඉන්නේ අනුර කුමාර දිසානායක. පැරදුනු පක්ෂයකට මේ තරම් සෙනඟක් කටාන ඇත්ගාල ප්‍රදේශයට ඇවිත් තිබීම සූවිශේෂයි. මැතිවරණයක් දිනපු අයට තමා ඊලග මැතිවරණය වාසිදායක වෙන්නේ ඒ නිසා තමා ජනතාවට දුන්න පොරොන්දු ඉටු නොකර පාර්ලිමේන්තුව විසුරවන්න කටයුතු කළේ. සාමන්‍යයෙන් ජනාධිපති අපේකෂකයා දිනුවට පස්සේ දුන් පොරොන්දු ඉටු කරලා තමා ඊලග ජන්දයට යන්නේ. අනුර කුමාර මහතා හොඳටම දන්නවා දුන්න පොරොන්දු ඉටු කරන්න බැහැ කියලා. ඒක අපි ජන්දයට ඉස්සෙල්ලා දන්නවා. අනුර කුමාර දිසානායක මහතාත් ඒක දන්නවා. හැබැයි රටේ ජනතාව ඒක දැනන් හිටියේ නැහැ.

ජනතාව අනුර කුමාර කියපු අවුරුදු හැත්ත පහේ ශාපය, ඇමතිවරු හොරකම් කළා, වංචා දූෂණ සිදු කරා කියපු දේවල් විශ්වාස කළා. ඒ දේවල් විශ්වාස කරලා ජනතාව ජන්දය දුන්නා. ජනතාවට තව පොරොන්දු දුන්නා. උපයන විට ආදායම් බදු අය කිරීමේ සීමාව වැඩි කිරීම, වැට් එක අඩු කිරීම, රාජ්‍ය සේවක වැටුප් වැඩි කිරීම, ඇප නැතිව ණය දීම වැනි විශාල පොරොන්දු ටිකක් දුන්නා. ජනතාව ඒ දේවල් විශ්වාස කරලා ජන්දය ලබා දුන්නා. හැබැයි අනුර කුමාර දිසානායක දන්නවා ඒ පොරොන්දු ඉටු කරන්න බැහැ කියලා.

වේදීකාවේ කතා කරන අනුර කුමාර එක්කෙනක්. ජනාධිපති පුටුවේ ඉදන් කතා කරන අනුර කුමාර තව එක්කෙනෙක්. ඒ කියන්නේ නිවුන් සහෝදරයෝ. නිවුන් සහෝදරයෝ වගේ රඟපානව. වේදිකාවට ගියාම පොරොන්දු දෙනවා. පරණ ආණ්ඩුවේ වංචා දූෂණ ගැන කතා කරනවා. හැබැයි ජනාධිපති පුටුවේ ඉදගත්තම වංචා දුෂණ ගැන, වැඩ කරන හැටි, දුන්න පොරොන්දු ගැන කතා කරන්නේ නැහැ. එහෙමනම් නිවුන් සහෝදරයෝ දෙන්නෙක්ට ජනතාව රැවටිලා ඉන්නවා.



Sri News Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here