මේක හොරකමක් – එක්සත් ජාතික පක්ෂයෙන් නිවේදනයක් !

0
24


මහමැතිවරණයේදී නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණට (ගෑස් සිලින්ඩරය) හිමිවූ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර පිරවීම කළ යුත්තේ එම පෙරමුණේ පක්ෂ නායකයින්ගේ එකඟතාවයෙන් බවත් එසේ නොමැතිව පක්ෂ ලේකම්වරිය විසින් ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර සඳහා පුද්ගලයින් නම් කිරීම දේශපාලන හොරකමක් බවත් එක්සත් ජාතික පක්ෂය පවසයි.

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ඉතිරි ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය සඳහා ජනාධිපති නීතීඥ ෆයිසර් මුස්තාෆා මහතාගේ නම පක්ෂ ලේකම්වරිය විසින් ඊයේ (දෙසැම්බර් 10) මැතිවරණ කොමිසමට යවා තිබුණු අතර ඊට ප්‍රතිචාර දක්වමින් එජාප සභාපති වජිර අබේවර්ධන මහතා විසින් නිකුත් කර ඇති සම්පූර්ණ නිවේදනය පහතින් දැක්වේ.

ගෑස් සිලින්ඩරය ලකුණින් මහ මැතිවරණයට තරඟ කිරීමට තීරණය කළ අවස්ථාවේදී හවුල්කාර පක්ෂ නායකයින් සාකච්ඡා කර පොදු එකඟතා වලට එළැඹියේය.

ඒ අනුව නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ නමින් වූ පක්ෂය සමග ගිවිසුම්ගත වීමට තීරණය කෙරිණි. එම පෙරමුණේ ලේකම්වරිය ලෙස ෂර්මිලා පෙරේරා මහත්මියට අදාල එකඟතා ඇතුළත් ගිවිසුම් බාර දෙන ලදී.

අද වන තෙක් ගිවිසුම් වල පිටපත් හවුල්කාර පක්ෂ කිසිවකට ලබාදී නැත. ගිවිසුම ඉදිරිපත් කිරීමද මෙතෙක් කර නැත.

ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර පිරවීම සම්බන්ධයෙන් තීරණයක් ගත යුත්තේ නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ පක්ෂ නායකයන් විසින්ය. නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ලේකම්වරියට ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර සම්පූර්ණ කිරීමට කිසිදු බලයක් පවරා නැත.



Sri News Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here