මෙරට දූෂණය පිටු දැකීමට අමෙරිකාවේ නොමද සහය!

0
12


 ඊයේ(11)දින පස්වරුවේ ශ්‍රී ලංකාවේ අමෙරිකාවේ තානාපති ජූලි චංග් මහත්මිය මල්වතු හා අස්ගිරි මහනාහිමිවරුන් බැහැ දැකීමට පැමිණ තිබුණි, එහිදී නව රජයේ දූෂණ විරෝධී වැඩ සටහනට අමෙරිකාවේ සහය ලබා දෙන බව පවසා ඇත.

මුලින්ම තානාපතිවරිය පැමිණියේ මල්වතු මහා විහාරයට වන අතර, එහිදී තානාපතිවරිය සියම් මහ නිකායේ මල්වතු පාර්ශ්වයේ මහ නායක අති පූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල හිමියන් බැහැ දැක ආශිර්වාද ලබා ගත්තේ ය. එහිදී   ජූලි චංග් මහත්මිය පැවසුවේ අමෙරිකාව ශ්‍රී ලංකාව කෙරෙහි විශාල ගෞරවයක් දක්වන බවයි. වැඩි වැඩියෙන් මෙරටට ආධාර ලබා දෙන ලෙස අති පූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල හිමි තානාපතිනියගෙන් එහිදී ඉල්ලා ති‌‌‌බේ. අනතුරුව ශ්‍රී ලංකාවේ අමෙරිකානු  තානාපති ජූලි චංග් මහත්මිය අස්ගිරි මහා විහාරයට පැමිණ සියම් නිකායේ අස්ගිරි පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥාණරතන මහනාහිමියන් බැහැ දැක අශිර්වාද ලබා ගත් බව සඳහන් වේ.

තමන් ලංකාවේ තිබූ අසීරු කාල සීමාව තුළ හැකි ආකාරයෙන් සහය දුන් බව එහිදී ඇය මහ නාහිමියන්ට පැවසූ බව වාර්තා වේ.



Sri News Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here