මිලිටරි ජුන්ටා නායකයාගේ නමින් පැවත් වූ පාපන්දු තරගයකදී ගිනියා ජීවිත විශාල ප්‍රමාණයක් අහිමි වෙයි

0
15


ගිනියාව මේ වන විට මිලිටර් ජුන්ටාවක් යටතේ පාලනය කරන බටහිර අප්‍රිකානු රාජ්‍යයකි.ප්‍රංශ කොළණියක්ව පැවති ගිනියාව ස්වදේශික ගෝත්‍රික බිදීම් නිසා පාලනය අස්ථාවය පවතින,නිතර ගැටුම් ඇතිවන දුප්පත්කමත්,එහි සාහසික උරුමය නූගත්කමත් බවට පත් කර ගත් රටකි.
එරට මිලිටරි ජුන්ටා නායකයා වන ජෙනරල් Mamady Doumbouya නමින් පැවත් වූ පාපන්දු තරගයකි.බටහිර අප්‍රිකානු ගිනියාවේ දෙවන විශාලතම නගරය වන Nzérékoré හී පැවති මෙම තරගයේදී තරග වැදුණේ Nzérékoré සහ Labe කණ්ඩායම්ය.මේ තරගයට ජුන්ටා පාලනයේ තරුණ ඇමතිවරයා සහ කෘෂිකාර්මික ඇමතිවරයාද පැමිණ සිටි බව වාර්තා වෙයි.විනිසුරු රතු කාඩ්පතක් සම්බන්ධයෙන් පැන නැඟූණු ගැටළුවක් දඬුවම් පහරක් බවට පත් කරන්නට අමාත්‍යවරයෙකුගේ මැදිහත්වීමක් සිඳු වූ බව ද එම වාර්තා පෙන්වා දෙයි.

දඩුවම් පහරක් සම්බන්ධයෙන් මතු වූ ගැටළුකාරී තත්ත්වය තුළ Labe කණ්ඩායම් ආධාරකරුවන් පිටිය ආක්‍රමණය කරන්නට ඉදිරිපත් වි ඇත.එවිට දෙපිරිසේස ආධාරකරුවන් මැදිහත් වන විට පොලීසිය කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කර ඇති අතර ප්‍රශ්නය වඩාත් දරුණු තත්ත්වයට පත් වෙන්නට එම ප්‍රතිප්‍රහාරද හේතු වී තිබෙන බවක් පෙනෙන්නට ඇත.

ජුන්ටා ආණ්ඩුවේ ප්‍රකාශවලට අනුව මියගිය ගණන 56 ක් කීව ද,එරට ප්‍රාදේශිය පුවත්වලට අනුව ප්‍රමාණය 100 ඉක්මවා තිබෙන්නට ද හැකි බව පැවසෙනවා.රොහල් වෛද්‍යවරයකු එහි තත්ත්වය වාර්තා කරමින් මෘත ශරීරාගාරයද,රෝහල් වාට්ටු ද මළ සිරුරුවලින් පිරී පවතින බව පවසා තිබෙනවා.

මර්ධනය අවිය කර ගත් මිලිටර් පාලනයක් ඇතුළේ මෙය සිඳුවිය හැකි තත්ත්වයක් වන අතර අග්‍රාමාත්‍යවරයා ජනතාවට පවසා තිබෙන්නේ කළබලකාරී ලෙස සහ කලහකාරී ලෙස නොහැසිරෙන්නයි කරන බලපෑමයි.ඒ හැරෙන්නට විවිධ පුවත් මඟින් සහ රජය විසින් වාර්තා කරන මල සිරුරු ගණනය අතරින් නිවැරදිම එක කුමක්ද යන්න පැහැදිළි කර නැහැ.

මේ වන විටත් දේසැම්බරයේ ප්‍රජාතන්ත්‍රවාදීව මැතිවරණයකින් බලය තීරණය කරන බවට පොරොන්දු දි තිබෙන මිලිටරි ජුන්ටාව මේ තත්ත්වය ආශිර්වාදයක් කර ගනිමින් තම පාලනය තව දුරටත් රැඟෙන යා හැකි තත්ත්වයට රටම පත් කිරීමටත් ඉඩ තිබෙනවා.
එක්සත් ජාතීන්ගේ සංවිධානය, යුරෝපා සංගමය, අප්‍රිකානු සංගමය මේ වන වටිත සාමාජිකත්වයෙන් නෙරපා ඇති රටක් වන ගිනියාව ලෝකයේ ඉබෝලා රෝගය නිසා විශාල මිනිස් ජීවිත සංඛ්‍යාවක් නැති කර ගත් රටක් ලෙස ද පතළය.දහස් ගණන් ජනයා මිය යාම මෙන්ම,එය පාලනය කිරීමට වෙහෙසුණු සෞඛ්‍ය අධ්‍යාපනික සේවකයින් ඝාතනය කරන්නට තරම් ම්ලේච්ඡ පරිසරයකට,බල ලෝභි දේශපාලනය විසින් ඇඳ දමා ඇති,දුප්පත් සහ නූගත්කම විසින් ඇති කරනු ලබන ගෝත්‍රික සටන්වල ම්ලේච්ඡත්වයෙන් නිරන්තරයෙන් බැට කන රටක් වන ගිනියාව,මේ පාපන්දු තරගයෙන් පෙන්වා ඇත්තේ සමස්ත රටේ හැසිරීමේ ස්වභාවය ලෙස ද ගත හැකිය.

ඒ සම්බන්ධ වීඩියෝවක් → https://bit.ly/41aTMUg



Sri News Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here