මැතිවරණ වේදිකාවේ කියපු දේවල් කරන්න ආණ්ඩුවට කාලය එළැඹිලා – විපක්ෂ නායක සජිත් (VIDEO)

0
29


ආණ්ඩුව මැතිවරණ වේදිකාවල කියූ දේවල් කරන්නට කාලය එළැඹ ඇති බවත් එසේ ක්‍රියාත්මක කරන දේවල් ජනතාවාදී ජනතාවට හිතකර දේවල් නම් ඒ සඳහා විපක්ෂයේ සහයෝගය හිමිවන බවත් රටට සුබවාදී, රටටත් ජනතාවටත් වැදගත් වැඩසටහන්වලට පුර්ණ සහයෝගය දෙනවා සේම රටට අහිතකර වැඩසටහන්වලට විරුද්ධ වී එහි අඩුපාඩු පෙන්වා වී විකල්ප වැඩසටහන් ඉදිරිපත් කිරිම තම ප්‍රතිපත්තිය බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත ඉවත් කළ යුතුයි.

වත්මන් රජය මැතිවරණ වේදිකාවේදී ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත සම්පූර්ණයෙන්ම ඉවත් කරනවා යැයි කිව්වත් එම පනත උපයෝගී කර ගෙන භාෂණයේ නිදහස මාධ්‍ය නිදහස හා පුරවැසි නිදහස අහිමි කර ඇති බවත් ත්‍රස්තවාදය වැළැක්විමේ පනත උපයෝගී කර ගෙන මාධ්‍ය දඩයමක නිරත වීම සාධාරණ නොවන බවත් විශාල ජනවරමක් ලබා ගැනීමේදී සමාජ මාධ්‍ය ක්ෂේත්‍රයේ සහායක් රජයට ලැබුණත් මේ මොහොත වන විට ඉවත් කරනවා කියූ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත උපයෝගී කර ගෙන සමාජ මාධ්‍යවල ක්‍රියාකාරීන් ව දඩයම් කරන බවත් කියන දේ කරන ආණ්ඩුවක් නම් මේ මර්දනය නතර කළ යුතු බවත් ආණ්ඩුව ඉවත් කරනවා යැයි කියූ ත්‍රස්ත විරෝධී පනත යටතේ සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන් අත්අඩංගුවට ගත්තත් එම අත්අඩංගුවට ගැනීම ත්‍රස්ත විරෝධි පනත යටතේ සිදු කළ නොහැකි බවට ගරු විනිසුරුවන් පවා කියා ඇති බවත් විපක්ෂ නායකවරයා ප්‍රකාශ කළේය.

ක්ෂුද්‍ර කුඩා හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන් වෙනුවෙන් සහන සලසන්න

මෙරට ආර්ථික වර්ධනයට 50%ක දායකත්වයක් ලබා දෙන ක්ෂුද්‍ර කුඩා හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන් බවත් දෙසැම්බර් 15 වන විට තාවකාලිකව අත්හිටවූ පරාටේ නීතිය නැවත බලාත්මක වන බවත් එය තවත් කාලයකට දීර්ඝ කරනවා සේම මේ කර්මාන්තකරුවන් ගොඩනැංවීමට ප්‍රාග්ධන ශක්තියක් ලබා දිය යුතු බවත් දරාගත හැකි පිරිවැයකට කාරක ප්‍රාග්ධනය ලබා දිය යුතු බවත් ණය යම් පමණකින් හෝ කපාහැරිය යුතු බවත් විපක්ෂ නායකවරයා තවදුරටත් පැවසීය.

ආපදාවෙන් විපතට පත් අයට කඩිනම් සහන දෙන්න



Sri News Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here