මේ වන විට මැතිවරණ කොමිෂන් සභාව වෙත පාර්ලිමේන්තු මැතිවරණයට අදාළව ලැබී ඇති පැමිණිලි සංඛ්‍යාව 400 ඉක්මවා ගොස් තිබේ. ගතවූ දිනයේ කොමිෂන් සභාව වෙත පැමිණිලි 58ක් ලැබී ඇති අතර මේ දක්වා ලැබී ඇති සමස්ත පැමිණිලි සංඛ්‍යාව 401ක් බව සඳහන් වේ.
මැතිවරණ කොමිෂන් සභාව පවසන්නේ, එම සියලුම පැමිණිලි මැතිවරණ නීති උල්ලංඝනය කිරීම්වලට අදාළ ඒවා වන අතර ප්‍රචණ්ඩක්‍රියා සම්බන්ධ කිසිදු පැමිණිල්ලක් මෙතෙක් වාර්තා වී නොමැති බවයි.
කොමිෂන් සභාව වැඩිදුරටත් සඳහන් කළේ, ලැබී ඇති පැමිණිලි 401න් 309ක්ම මේවන විටත් විසඳා ඇති බවයි.
Sri News Media