මහේලලා සහ සංගලා ක්ලීන් කිරීම

0
6


දක්ෂයාට දේශපාලන පක්ෂ නැත.ඔහුගේ දක්ෂකම සහ ජනප්‍රියත්වය දේශපාලනිකව ප්‍රයෝජනයට ගත හැකිය.ඒ ආකාරයට මහේල ජයවර්ධන සහ කුමාර සංගක්කාර මේ රටේ දේශපාලනය විසින් පාවිච්චියට ගත් බව අපි විශ්වාස කරමු.ඔවුන් ඒවා කළමණාකරණය කරේ ඇත්තටම ක්‍රීඩාව වෙනුවෙන් ද,නැද්ද යන්න ද නැවත නැවතත් සිතා බැලිය යුතුය.

මහේල සහ සංගා දෙදෙනා නාමල් රාජපක්ෂ රජය යටතේ විශාල බලයක් ක්‍රීඩාවේ තීන්දු තීරණ වෙනුවෙන් ගත් අයය.ක්‍රීඩා නීතීය පවා ඔවුන්ට අදාළ නොවිණි.පුහුණුකරුවන්,කණ්ඩායම් කළමණාකරුවන් ලෙස ක්‍රීඩාව හා බැදී සිටින වෘත්තිය කරද්දීම ක්‍රීඩාව සම්බන්ධයෙන් තීරණ ගැනීමේ ජාතික වගකීමද ඔවුන් ඉටු කරන්නට භාරගෙන උන්නේය.අමාත්‍යවරයාට පත් කිරීම සඳහා පවතීන ක්‍රීඩා නීතිය වලංගු නොවූ ආකාරයටම,ඔවුන් දෙදෙනා ද පත්වීම ලැබෙද්දී තිබෙන නීතිමය තත්ත්වය ගැන නොසිතුවේය.

අමාත්‍යවරයා හමුවීමටත් වඩා අසීරුවෙන් හමුවන්නට වූ ඔවුන් වැඩි පුර තමන්ගේ වෘත්තීය කටයුතු වෙනුවෙන් සිටියේ විදේශයන්හී ය.නිසි පරිදි විමසා නොබලා ඔවුන් සමහර තේරීම් සම්බන්ධයෙන් (ක්‍රිකට් නොවන) තමන්ට තොරුතරු ලැබෙනාකාරයට තීරණ ගත් අවස්ථා තිබිණ.සමහර අය අපූරුවට ඔවුන්ට තමන් නිරත ක්‍රීඩාව සමඟ තිබුණු ඇරියස් යොදා ගනිමින් මහේලලා හරහා යම් යම් තේරිම්වලට බලපෑම් ඇති කළ බව ද දකින්නට ලැබිණ.නිතර පොළවේ නොගැවසෙන සහ එසේ ගැවසෙන්නට නොහැකි තරමට කාර්ය බහුල නිසා ඔවුන් යම් යම් තීරණ සඳහා යොදා ගත්තේ ඔවුන්ට සමීප මාර්ගය.ඒවා හරි මාර්ග නොවුණු බව ද දකින්නට ලැබිණ.

නාමල් රාජපක්ෂ ද සමහර වැඩ ඔහුට ඇවැසි ලෙස මෙහෙයවන්නට ඒවා මහේලලාගේ කැමත්ත පරිදි සිඳුවන බව පෙන්නුවේය.මේ වන විට ඇදී විනාශ වී තිබෙන බොහෝ ක්‍රීඩාවල ප්‍රශ්න නාමල්ලා වවා ගත්තේ මහේලලාගේ පොළවේය.ඔලිම්පික් ගිය නිමාලි ධාවන පාවහන් රැඟෙන ගොස් නැති බවට පට්ට කෙබරයක් පාර්ලිමේන්තුවේ ඉදිරිපත් කළ ද,නාමල් තවම එය නිවැරදි කර පාර්ලිමේන්තුවට ප්‍රකාශ කර නැත.කවදා හෝ අනාගතයේ දවසක හැන්සාඩ් වාර්තා පරිශිලනය කරන දවසක නිමාලි ගැන ඉතිහාසය කියවෙන්නේ වගකිමකින් තොරව ධාවන පාවහන්වත් රැඟෙන යන්නේ නැතුව ඔලිම්පික් ගිය ලාංකේය ක්‍රීඩිකාව ලෙසය.ඒවාට නිහඬව ආශිර්වාද කරන්නට ක්‍රීඩාවේ ජාතික වගකීම් දරමින් මහේල සහ සංගක්කාර උන්නේය.
ක්‍රිකට් ගොඩ නැඟීමේ සංයුතියක් සකස් කිරීමේ වගකීම අමාත්‍යවරයාගේ ආශිර්වාදයෙන් මෙහෙයවන්නට තවත් කීර්තිමත් ක්‍රීඩකයන් හවුල් කරමින් වැඩ සැළසුම් කළේය.ඒවා සාර්ථක වූ බවක් නොපෙණින.මහේල විශේෂ උපදේශකයෙකු ලෙස නැවතත් තමන් තරන තනතුර සමඟ එවැනි උපදේශකකමකට යා නොහැකිව තිබියදී ද භාර ගත්තේය.බොහෝ ලාංකික පත් කිරීම්වල ගෙවීම් රුපියල් වුව ද,මහේල රුපියල වැටෙමින් තිබියදී සිය වැටුප ඩොලර්වලින්ම සකසා ගත්තේය.කණ්ඩායමේ දක්ෂතා ඉහළට නොපැමිණි අවස්ථා වැඩි විය.විවේචන එල්ල විය.

එහෙත් ලංකාවේ තත්ත්වය හරි අමුතුය.මේ වන විට බහුතරය සිටින්නේ මාලිමාවට ඡන්දය දුන් පිරිසය.ඔවුන් ඡන්දෙන් පස්සෙත් පක්ෂය අත අරින්නේ නැත.දැන් මහේලලා ක්ලීන් ශ්‍රී ලංකා සමඟ බැඳෙද්දි ඉතිහාසයේ ඔවුන් සම්බන්ධ තිබුණු විවේචන විරෝධතා වල දමා ඊට යහපත් ප්‍රතිචාර දක්වන්නේය.මේ ජනප්‍රිය හැඩයෙන් ක්ලීන් ශ්‍රී ලංකා ජනප්‍රිය කර ගන්නටත්,ක්‍රීඩාව ක්ලීන් කරන්නටත් මහේල සහ සංගාව යොදා ගැනීමේ ලකුණු පහළ වෙමින් ඇත.

නාමල් සමඟ යන්නට වෙනකම්ම සිටියද,එරෙහි අරගලය පැමිණි විට යෙහෙළි නිතර ගාලුමුවදොරට ආවාය.එසේම එහි යම් තැනෙක ආගමික පසුබිමක් සකසන්නටත් උත්සාහ කළාය.ඒ සියල්ල අතර ඉඩම් අත්පත් කර ගැනීමේ වංචාවන් ගැන ද කතා බහට ලක් විය.මහේල – සංගා දෙදෙන ව්‍යාපාරික හවුල්කරුවෝය.ඒ ගාන ඇති කතාවන් ද සමාජයේ පැතිර විසිර ඇත.එහෙත් ක්ලීන් ශ්‍රී ලංකා සම්ප්‍රාප්තියත් සමඟ ඊට බැදුණ අනුගාමිකයන් මහේල සහ සංගාව ක්ලීන් කර පාරිශුද්ධමය ආත්ම බවට ප්‍රචාරය කරන්නට මැලිවන්නේ නැත.



Sri News Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here