විකුණා දැමීමට ගිය සතොස යළි ආරම්භ කළේ මහින්ද රාජපක්ෂ මහතා බවයි මන්ත්රීවරයා සඳහන් කරන්නේ.
”මේ ආණ්ඩුව මහින්ද රාජපක්ෂ මහත්තයට ස්තූතිවන්ත වෙන්න ඕනේ විකුණන්න ගියපු සතොස, වහන්න ගියපු සතොස නැවත පටන් ගත්තු එකට. ඒවගේම ලක් සතොස ආරම්භ කිරීම ගැන. එහෙම නොවුනන් අද ඔය තුනයි පහයි දෙන්න විදිහකුත් නැතිවෙනවා. දැන් අද තුනයි පහයි දීගන්න පුළුවන් වුණෙත් මහින්ද මහත්තයා සතොස ආරක්ෂා කරලා දීපු නිසා. අනිත් පැත්තෙන් අග්රමාත්යවරියත් සුපර් මාර්කට් දැක්කා. සතොසටත් ගිහින් බැලුවොත් හොඳයි. අපි උපරිම සහයෝගය දෙනවා. දැන්වත් ආණ්ඩුව වැඩකෙරුවොත් හොඳයි. පාර්ලිමේන්තුවේ හොඳ කථිකයෝ 159ක් ඉන්නවා. වැඩ කාරයෝ 159 ක් ඉන්නවද නැද්ද කියල බලාගෙන ඉන්නවා.”යනුවෙන් රාජපක්ෂ මහතා තවදුරටත් සඳහන් කරයි.
ආශිකා බ්රාහ්මණ
Sri News Media