1986 අංක 04 දරන ජනාධිපතිවරුන්ගේ හිමිකම් පනතට අනුව ජනාධිපති කාර්යාලය මඟින් ප්රතිලාභ ලබාදී ඇති බවයි එම නිවේදනයේ දැක්වෙන්නේ.
දැනට වාහන තුනක් මහින්ද රාජපක්ෂ මහතාට ලබා දී ඇති අතර එම වාහන තුන සඳහා රියදුරන් තිදෙනෙක්ද නිදහස් කර ඇති බවත් ඉන්ධන දීමනාව ලෙස ලීටර 1950ක් ලබා දෙන බවත් ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.
ආරක්ෂක අමාත්‍යාංශය සහ මහජන ආරක්ෂක අමාත්‍යාංශය විසින් එම ආරක්ෂාව සැපයීම සිදුකරන අතර දැනට සේවයේ නියුතු යුද හමුදා හා නාවික හමුදා සෙබළුන්ට අමතරව පොලිස් නිලධාරීන්ද 180ක් යොදවා තිබෙන බව සඳහන්. ඒ අතර පොලිස් රියදුරන් 29ක් සිටින බවයි මාධ්‍ය නිවේදනයේ දැක්වෙන්නේ.
හිටපු ජනාධිපතිවරුන්ගේ වරප්‍රසාද ඇගයීම සඳහා මේ වන විට කැබිනට් අනු කමිටුවක් පත්කර ඇති බවත් එහි නිර්දේශ අනුව ඉදිරි තීරණ ගන්නා බවත් එම නිවේදනයේ වැඩිදුරටත් දක්වා තිබේ.
ආශිකා බ්‍රාහ්මණ
Sri News Media