මහා ජනවරමක් ලැබූ මාලිමා රජය අද ජනවරමට පිටුපා රනිල් සරණ යෑම ඛේදවාචකයක් – සජිත් (VIDEO)

0
34


ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග රජය ඇති කර ගත් ණය ප්‍රතිව්‍යුහගතකරන එකඟතා සම්බන්ධයෙන් දැන ගැනීමට අවශ්‍ය බවත් ඒ සම්බන්ධයෙන් සභාව දැනුවත් කරණ ලෙස ඉල්ලා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවට යෝජනාවක් ඉදිරිපත් කළේය.

එහි දී අදහස් දැක්වූ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කියා සිටියේ ⁣වත්මන් රජය මේ වෙනුවෙන් ගත්තේ රනිල් වික්‍රමසිංහ රජයේ ස්ථාවරයද කියා දැන ගැනීමට අවශ්‍ය බවත් IMF එක හා ණය කරුවන් සමග ඇති කර ගත් ගනුදෙනු ක්‍රියාත්මක වන්නේ ජනවරම අනුවද ⁣එසේ නොමැතිවද කියා දැන ගැනිමට අවශ්‍ය බවත්ය.

එසේම වත්මන් රජය ද අනුගමනය කරන්නේ රනිල් වික්‍රමසිංහලාගේ ගිවිසුම බවත් එය තවදුරටත් රහසක් නොවන බවත් පැවසූ විපක්ෂ නායකවරයා එය ජනවරම පාවා දි උල්ලංඝනය කිරීමක් බවත් ජනතාව සමග ඇති කර ගත් සුවිශේෂී සමාජ ගිවිසුම ද උල්ලංඝනය කර ඇති බවත් අවධාරණය කළේය.

මේකද ආණ්ඩුවේ සුජාතභාවය ?

සභාවේ වගවීම, සුජාතභාවය හා සහකම්පනය ගැන කතා කළත් ජනතාව දුන් වරම විනාශ කිරීම නව දේශපාලන සංස්කෘතියද කියා ප්‍රශ්න කරන බවත් විජිත හේරත්, අනුර කුමාර මැතිතුමා මේ සභාවේ IMF ගිවිසුමට දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරනයේදී විරුද්ධය ජන්දය දුන් බවත් එදා එදා මොවුන් මේ ඇස්බැන්දුම් ගිවිසුම් දැඩි ලෙස එදා හෙළා දැක්කත් අද එය අනුමත කර ඇති බවත් එදා සභාවේ IMF ගිවිසුම විවේචනය කළත් අද එය පිළිගෙන ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

රටේ හරිහමන් පාලනයක් නැ



Sri News Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here