ඉකුත්දා (02) දා දැරියක් ඝාතනය කර සිරුර ඉදිකරමින් තිබෙන වැසිකිළි වලකට දැමීමේ සිද්ධියට අදාළව කරුණු රැසක් පොලීසිය විසින් මේ වනවිට අනාවරණය කරගෙන ඇත. එසේ ඝාතනයට ලක් වුයේ, ගම්පහ, මාකෙවිට ප්රදේශයේ පදිංචිව සිටි වයස අවුරුදු 14ක දැරියකි.
දෙසැම්බර් මස 5 වනදා, තම වයස අවුරුදු 14ක් වූ දියණිය අතුරුදහන්ව ඇති බවට ගම්පහ පොලිස් ස්ථානයට මවක් විසින් පැමිණිල්ලක් කරනු ලැබ තිබුණි. ඒ අනුව , විමර්ශන ආරම්භ කළ පොලීසියට ඝාතනයේ සුලමුල අනාවරණය කරගැනීමට හැකිව ඇත.
පැමිණිලිකාර මව තම දෙවන විවාහයේ ස්වාමිපුරුෂයා සහ දියණිය සමග මාකෙවිට ප්රදේශයේ ඉදිකරමින් පවතින වෙනත් අයෙකුට අයත් තෙමහල් නිවසක තාවකාලිකව පදිංචිව සිට ඇති අතර , ඔහු පෙදරේරුවෙකු වශයෙන්ද, පැමිණිලිකාරිය ඒකල ප්රදේශයේ පුද්ගලික අංශයේද රැකියාවක් සිදු කරනු ලබන බව වාර්තා වේ.
පසුගිය 02 දින තම සැමියා සහ දියණිය නිවසේ සිටියදී කාන්තාව උදෑසන රැකියාවකට ගොස් රාත්රීයේ නැවත නිවසට පැමිණ දියණිය නිවසේ නොසිටිම පිළිබඳ තම සැමියාගෙන් විමසීම් සිදු කර ඇති අතර, එහිදී ඔහු විසින් තම දියණිය යහලුවෙකුගේ පවුලේ සාමාජිකයින් සමග විනෝද චාරිකාවක් ගොස් ඇති බවටත් එදින නොපැමිණෙන බව හා පසුදින පැමිණෙන බවට බිරිඳට පවසා ඇත.
නමුත් , දියණිය 05 වන දින දක්වාම නිවසට නොපැමිණිම හේතුවෙන් දෙදෙනා අරවුල් ඇති කරගෙන ඇති අතර, පසුව පොලිස් ස්ථානය වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කරමින් බිරිඳ පවසා ඇත්තේ , තම සැමියා, දැරියගේ අතුරුදන්වීම සම්බන්ධයෙන් සැක බවයි.
සිද්ධිය සම්බන්ධව විමර්ශනය සිදුකළ පොලිස් නිලධාරීන් විසින් වයස අවුරුදු 42ක් වන පැමිණිලිකාරියගේ පුරුෂයා අත්අඩංගුවට ගෙන විමර්ශන සිදුකල බව සඳහන් වන අතර, දෙසැම්බර් 02 වන දින බිරිඳ විසින් ඇයට අයත් තම සැමියා විසින් උකසට තබන ලද රන් මාලයක් නිදහස් කර ගැනීම සඳහා තම දියණියට මුදල් ලබා දී තම පියා සමග ගොස් එම රන් මාලය නිදහස් කර ගන්නා ලෙසට ප්රකාශ කර බිරිඳ රැකියා ස්ථානයට ගොස් ඇති බව හෙළි වී ඇත .
Sri News Media