මල් මල් විලේ රොන් සොයා හේවගේ ….

0
68


මජර දේශපාලනයෙන් පිරුණු වත්මන් පාර්ලිමේන්තුව නොවැම්බර් 14 වනදායින් පසු මල් විලක් බවට පත්කිරීමට තම පක්ෂය සූදානම් වන බව ජාතික ජන බලවේගයේ ගාල්ල දිස්ත්‍රික් අපේක්ෂක නලින් හේවගේ මහතා පවසයි.

“පවුල් දේශපාලනයේ සහ හවුල් දේශපාලනයේ අවසානය මේ මැතිවරණයෙන් තහවුරු වෙනවා. මේ මජර දේශපාලනය තිබෙන පාර්ලිමේන්තුව 14 වැනිදායින් පසු මල් විලක් බවට පත් කරන්න අපි සූදානම් වෙනවා. දේශපාලනය නිසි ආකාරයෙන් ගොඩනැඟීම අපේ වගකීමක්. එතැනින් පටන්ගෙන මේ රටේ සමස්ත ජනතාවගේ ජීවිත යහපත් බවට පත් කිරීමේ වගකීම අපි ක්‍රියාවෙන්ම ඔප්පු කරනවා. ඒ වෙනුවෙන් ලබන 14 වැනිදා පැවැත්වෙන මහා මැතිවරණයේ දී මාලිමාවේ මන්ත්‍රීවරුන්ගෙන් පාර්ලිමේන්තුව පුරවන්න”

නලින් හේවගේ මහතා මේ බව පැවසුවේ බද්දේගම ප්‍රදේශයේදී පැවති ජාතික ජන බලවේගයේ ජන හමුවක් අමතමිනි.



Sri News Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here