මම පාවිච්චි කරන්නේ ලීටරයට කිලෝමීටර් 9ක් දුවන ජීප් එකක් – ඇමති වසන්ත

0
21


රජය සතුව පවතින ඉහළ එංජින් ධාරිතාවයෙන් යුතු සුඛෝපභෝගී වාහන 2025 මාර්තු 31 වනදා වනවිට වෙන්දේසි කිරීමට කැබිනට් මණ්ඩලය තීරණය කර ඇති අතර මේ වනවිට අදාළ වාහන වෙන්දේසි කිරීම සඳහා ඒවායේ අලුත්වැඩියා කිරීමේ සහ පිරිසිදු කිරීමේ කටයුතු සිදුකරමින් පවතින බව වෙළඳ අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා පවසයි.

“සමහර තැන්වල වාහන පෝලිම් තියෙන්නේ. සමහර ඇමතිවරුන්ට වාහන 7, 8, 10 එහෙම තිබුණේ. මම යද්දී මගේ අමාත්‍යාංශයේ වාහන 23ක් තියෙනවා. දැන් වාහන 23න් අපේ අමාත්‍යාංශයේ කාර්ය මණ්ඩලවල නිලධාරීන් සමහර වාහන පාවිච්චි කරනවා. සමහර වාහන පාවිච්චි කරන්නෙ නෑ. වාහන 10ක් විතර තියෙනවා පාවිච්චි කරන්නෙ නැති. V8 තුනක් තියෙනවා පාවිච්චි කරන්නෙ නැති. ඇමතිවරයාට තිබිච්චි V8 තුන පාවිච්චි කරන්නෙ නෑ”

ප්‍රශ්නය – ඔබ මොකක්ද පාවිච්චි කරන්නෙ දැන් ?

“ඒත් ආයතනයේ වාහනයක් තමයි පාවිච්චි කරන්නෙ”

ප්‍රශ්නය – V8 එකක් ?

“නෑ, නෑ … අපි කිව්වානෙ V8 වල යන එකම බර වැඩියිනෙ. තෙල් ලීටරයකට කිලෝමීටර් 4යි දුවන්නෙ”



Sri News Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here