මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඇය තවදුරටත් පවසන්නේ ජාතික ජන බලවේගය තුළ මැතිවරණය ජයග්‍රහණය කර විශාල කාන්තාවන් ප්‍රමාණයක් පාර්ලිමේන්තු පැමිණ සිටින අවස්ථාවකත් ජාතික ලැයිස්තුව තුළත් ඔවුන් කාන්තා නියෝජනයකට අවස්ථාව ලබා දී ඇති බවයි.
ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූර නම් කිරීමේදී කාන්තාවකට අවස්ථාව ලබා දීම සම්බන්ධයෙන් අවධානය යොමුකරන ලෙස මැතිවරණ කොමිසමද පක්ෂවලට දැනුම් දී තිබෙන අතර මැතිවරණ නිරීක්ෂණ සංවිධානද එය පවසා තිබේ.
2020 මහ මැතිවරණයේදීද සමඟි ජන බලවේගයට ලැබුණු ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූර අතරින් එකක් කාන්තා නියෝජනයකට ලැබුණු අතර ඩයනා ගමගේ මහත්මිය පාර්ලිමේන්තුවට යන්නේ එම අවස්ථාව හිමිවීමෙන් බවද ප්‍රේමචන්ද්‍ර මහත්මිය කියාසිටියි.
ඒ අනුව මෙවරත් එම අවස්ථාව හිමිවෙතැයි යන අපේක්ෂාවෙන් තමන් සිටින බවත් තමන් හැර ඊට වෙනත් සුදුස්සෙක් නොමැති බවත් ඇය තවදුරටත් අවධාරණය කරයි.
ආශිකා බ්‍රාහ්මණ
Sri News Media