බොට්ස්වානා සිහින ඇහැරෙයි – බහරේන් සිහින හැකිලෙයි

0
1


ජාත්‍යන්තර බැඩිමින්ටන් සූරතාවලි දෙකක් වන බහරේන් ජාත්‍යන්තර තරගාවලියේ පිරිමි අවසාන පූර්ව තරගවලදීත්,කාන්තා කේවල තරගවලදීත් ශ්‍රී ලංකාවෙන් ඉදිරිපත් වූ ත්‍රීඩත ත්‍රීඩිකාවන් පරාජයට පත් වුණා.එහෙත් බොට්ස්වානා තරගාවලියේදී කාන්තා යුගල තරගයේ අවසාන තරගයට ඉදරිපත් වෙන්නට එම තරගාවලිය නියෝජනය කරන හසිනි අම්බලන්ගොඩගේ සහ හසාරා විජේරත්න සමත් වුණා.

සැම්බියා තරගාවලියේදී හසිනි සහ හසාරා පරාජයට පත් වූ,ලොව ශ්‍රේණිගත කිරිම්වල 129 වන තැන රැදී සිටින මාල දිවයින ක්‍රීඩිකාවන් යුගලය සතියක පමණ කාලයකින් අභිබවා යා හැකි අන්දමට හසිනි සහ හසාරා ඉදරියට පැමිණ තිබීම අගය කළ යුතුයි.මාල දිවයිනේ අබ්දුල් රසාක් නිවුන් සහෝදරියන්ව විනාඩි 31 ක කාලයක් තුළ පරාජයට පත් කරමින් හසිනි සහ හසාරා ලකුණු 21-14 සහ 21-18 ක් ලෙස තරග වට 2-0 න් ජයග්‍රහණය කරන්නට සමත් වුණා.
ඔවුන් දෙදෙනාට අවසාන තරගයේදී මුණ ගැසෙන ඇමී ඇකර්මන් සහ ඩෙඩ්රි ලෝරන්ස් සිටින්නේ ලොව 72 වන තැනයි.එසේම ඉකුත් වසරේ සූරතාවලි හතරක මෙන්ම මේ වසරේ සමස්ත අප්‍රිකානු තරගාවලියේ දී ද කාන්තා යුගල සූරියන් වී සිටින ඇමී 19 හැවිරිදි වන අතර ඩෙඩ්රි 29 හැවිරිදි ය.ඒ නිසා හසිනිට සහ හසාරාට මේ අවසාන තරගය, තීරණය කොයි අතට පෙරළුණ ද,සිය ක්‍රීඩා ජීවිතයට ඉදිරියට වටිනා ජයග්‍රාහී අත්දැකීමක් වනු නිසැකය.

බහරේන් කාන්තා අවසාන පූර්ව තරගයේදී රනිත්මාගේ ක්‍රීඩා රටාවේ යම් පසුගාමී ලක්ෂණ ගණනාවක් දකින්නට ලැබිණ.දීර්ඝ ලෙස තරග සමඟ ගැවසීම නිසා තරගයකට පුහුණුවීම් සඳහා යෙදවිය හැකි කාලයේ අඩුපාඩු වැනි කාරණා ද මේ සඳහා බල පෑ හැකි අතර සිරුරේ සැහැල්ලුව,වේගය,නමනීයත්වය සහ දරා ගැනීමේ හැකියාව ද ක්ෂය වී යාමට ඉඩ ඇත.

කෙසේ නමුදු තවමත් 17 හැවිරිදි රනිත්මා මේ වන විට ලොව අංක 113 දක්වා සිය හැකියාව ඉදිරියට ගෙන පැමිණ ඇති අතර ඇය බහරේන් අවසාන පූර්ව තරගයේදී පරාජයට පත් වූයේ ඇයට වඩා බොහෝ අත්දැකීම් ඇති 2018 සහ 2019 යන වසරවලදි පවා ජාත්‍යන්තර තරගාවලිවල සූරතාවලට හිමිකම් කියා ඇති 26 හැවිරිදි ජපන් ක්‍රීඩිකාවක වන ෂිඔරි එබිහරාය.විනාඩි 38 ක් ගෙවුණු එම තරගයේදී ඇය රනිත්මාට එරෙහිව සියලු අංශවලින් ඉදිරියෙන් සිටිමින් ක්‍රීඩා කළ අතර අත්දැකීම් ඔස්සේ තරගයට අදාළ මොහොත තුළ තීරණ ගැනීමේ ප්‍රබලකමද මැනවින් දකින්නට ලැබිණ.ලකුණු තත්ත්වය 21-13 සහ 21 – 9 ක් විය.

ජපානය ලොව ඉහළම බැඩ්මින්ටන් සංස්කෘතියක් හිමි රටක් වන අතර ශ්‍රී ලංකාවේ දක්ෂතම ක්‍රීඩකයින් හා සමාන හෝ ඉක්මවා යා හැකි සිය දහස් ගණනක් නිර්මාණය වන සහ විය හැකි පසුබිමක් ඔවුන් සතුව ඇත.කාන්තා අවසාන තරගයේදී ජපානයේම නියෝජන දෙකක් දැකිය හැකි අතර රනිත්මා පරාජය කළ ෂිඔරි සමඟ අවසාන තරගයේදී තරග වදින්නේ ද ජපාන ක්‍රීඩිකාවක වන කකාමි සොමෙයා ය.

පිරිමි යුගල තරගවල ජාත්‍යන්තර හ්‍රේණිගත කිරීම්වල 114 වන තැන සිටින පිලිපීන ක්‍රීඩක යුගලය වන ක්‍රිස්ටියන් බර්නාඩෝ සහ ඇල්වින් මොරාඩා සමඟ වූ අවසාන පූර්ව තරගයේදී දිනුර රශ්මික සහ සියත් සේනාරත්නට වට 2-0 ක පරාජයක් අත් විය.විනාඩි 24 ක කාලයක් තුළ විසඳුණු එම තරගයේ ලකුණු තත්ත්වය 21-14 සහ 21-9 ක් ලෙස සටහන් විය.



Sri News Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here