පොහොට්ටුවේ වෙනස්කම් රැසක් – රෝහිතගේ තැන මන්ත්‍රී චානකට.ජොන්ස්ටන්ටත් අලුත් වැඩක්!

0
27


එහිදී පක්ෂ අභ්‍යන්තරයේ වෙනස්කම් රැසක් සිදුව තිබෙන අතර පක්ෂයේ නව ජාතික සංවිධායක ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී.වී.චානක මහතා පත්කර තිබේ.

ජාතික සංවිධායක ධූරයේ කටයුතු කරන ලද රෝහිත අබේගුණවර්ධන මහතා නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ සමඟ එක්වීම හේතුවෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ එම ධූරය හිස්ව තිබුණි.

මේ අතර පක්ෂයේ නව ප්‍රතිසංවිධානය වෙනුවෙන් කමිටු කිහිපයක්ද අද පිහිටුවාගෙන ඇත.

බිම් මට්ටමේ සිට නැවත පක්ෂය ගොඩනැගීමේ වගකීම හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පවරා තිබෙන අතර පක්ෂයේ අරමුදල් තරකිරීම වෙනුවෙන්ද ඉන්දික අනුරුද්ධ මහතාගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් පත්කර තිබේ.

ඉදිරි පළාත් පාලන මැතිවරණය වෙනුවෙන් ඉදිරිපත් වීමට සෙසු පක්ෂ හා කණ්ඩායම් සමඟ සාකච්ජා කිරීමට ද යෝජනා වී තිබෙන අතර ඊට පක්ෂයේ ජ්‍යෙෂ්ඨන් පිරිසක් නම් කළ බවයි අද රැස්වීම ගැන වැඩිදුරටත් කරුණු දක්වමින් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සංජීව එදිරිමාන්න මහතා පැවසුවේ.

පක්ෂයේ වෘත්තීය සමිති යළි ගොඩනැගීම වෙනුවෙන් මෙන්ම මාධ්‍ය සමඟ කටයුතු කිරීම සඳහා ද කමිටු පත් කළ බව එදිරිමාන්න මහතා වැඩිදුරටත් කියාසිටියේය.



Sri News Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here