පොලොන්නරුව දිස්ත්‍රික්කයෙන් පමණක් සහල් කිලෝ ලක්ෂ 95 ක් වෙළඳපොලට!

0
28


දින 08 තුළ පොලොන්නරුව දිස්ත්‍රික්කයෙන් පමණක් සහල් කිලෝ ලක්ෂ 95 ක් වෙළඳපොලට මුදා හැරි බව පාරිභෝගික අධිකාරය පවසයි.

අධිකරිය පවසන ආකාරයට, ජනාධිපතිවරයාගේ නියමය පරිදි දිවයින පුරා පිහිටි සහල් ගබඩා, වී මෝල් මෙන්ම සහල් අලෙවිසැල්වල පරික්ෂා කිරීම් අඛණ්ඩව සිදු කරන බවයි. රට තුළ සිදු කෙරෙන සහල් නිෂ්පාදනයෙන් සියයට 25ක පමණ ප්‍රමාණයක් නිෂ්පාදනය කෙරෙන්නේ පොලොන්නරුව දිස්ත්‍රිකක්ය තුළ වන අතර, මහාපරිමාන සහල් මෝල් තුළින් වෙළෙඳපොලට නිකුත් කරන සහල් තොග පිළිබඳ  පාරිභෝගික අධිකාරිය පසුගිය දින කිහිපය පුරාම නිරීක්ෂණය කිරීම සිදු කර ඇත. එම වැඩපිළිවෙල යටතේ ගම්පහ දිස්ත්‍රික්කයේ සහල් ගබඩා සහ සහල් අලෙවිසැල් පරික්ෂාව ඊයේ (15) සිදු වුණ බවත් පාරිභෝගික සේවා අධිකාරිය පවසයි.

ඒ අනුව. පාලන මිලට  වැඩියෙන් එනම්  නාඩු සහල් කිලෝවක් රුපියල් 265 බැගින් අලෙවි කළ වෙළඳසලක්  පාරිභෝගික අධීකාරිය විසින් වැටලූ අතර අනතුරුව අදාළ පාර්ශ්වයන්ට  එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමට එහිදී පාරිභෝගික අධිකාරිය කටයුතු කර ඇත.



Sri News Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here