පොලිස් රෝහලටවත් නැති හිටපු ජනාධිපතිවරුන්ගේ ආරක්ෂක වියදම!

0
26


අමත්‍යවරයා මේ බව පැවසුවේ අද (06) කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී හිටපු ජනාධිපති චන්ද්‍රිකා කුමාරතුංග මහත්මියගේ ආරක්ෂාව අඩු කර ඇති බවට ඇය විසින් කර තිබෙන ලිඛිත දැනුම් දීම ගැන කරුණු පැහැදිලි කරමිනි.

කෙසේවෙතත් එවැනි අතිවිශාල මුදලක් වැය වීම අපරාධයක් බවත් හිටපු ජනාධිපතිවරුන්ගේ ආරක්ෂාව සැලසීම වෙනුවෙන් තීරණය ගැනීම සඳහා පත්කර තිබෙන කමිටු වාර්තාව අනුව ඉදිරියේදී ඒ සම්බන්ධයෙන් කැබිනට් පත්‍රිකාවක් යොමුකර සමානුපාතිකව ආරක්ෂාව සැලසීමටත් විශේෂ ආරක්ෂාවක් අවශ්‍ය අයට එම විශේෂ ආරක්ෂාව ලබාදීමටත් කටයුතු කරන බවයි අමාත්‍යවරයා කියාසිටියේ.

”හිටපු ජනාධිපතිවරු හතර පස් දෙනාටම 100කට වඩා පොලීසිය සහ හමුදාව ආරක්ෂාවට යොදවල තියෙනවා. සමහර අයට 180 ගණන් වගේ තියෙනවා. ආරක්ෂක භටයන් විතරක් නෙවෙයි ආරක්ෂක රථ,බස් රථ,ඩිෆෙන්ඩර්,ත්‍රීවීල්,බයිසිකල්,එම්බියුලන්ස් ඔක්කොමත් දීලා තියෙනවා. අපි ගණන් හදල බැලුවහම දළ වශයෙන් පොලිස් ආරක්ෂාව ලබා දීම සහ අනෙක් නඩත්තු කටයුතු වියදම් ගත්තම මිලියන 1100ක් විතර වැය වෙනවා. හිටපු ජනාධිපතිවරු හතර පස් දෙනාට පොලිස් ආරක්ෂාව සඳහා වියදම් කරන මුදල සමස්ත ලංකාවේම පොලීසියේ නිලධාරීන්ට බෙහෙත් ගන්න තියෙන පොලිස් රෝහලටවත් වෙන්කරලා නැහැ. අවුරුද්දකට ඒ යන වියදම පොලිස් රෝහලේ අවුරුද්දකට යන වියදමට වඩා වැඩියි. ඉතින් මේක අපරාධයක්. මේක වෙනස් කරන්න ඕනේ. ඒ සඳහා කමිටුවක් පත්කරලා තියෙනවා. ඒ කමිටුවේ නිර්දේශ මත කැබිනට් පත්‍රිකාවක් ඉදිරියේදී ඉදිරිපත් වෙනවා. ඒ කැබිනට් පත්‍රිකාව අනුව සියලුම හිටපු ජනාධිපතිවරුන්ට සමානුපාතික ක්‍රමයට යම් ආරක්ෂාවකට අදාළ පියවර ගන්නවා. විශේෂ ආරක්ෂක තත්ත්වයන් තියෙන අයට විශේෂ වශයෙන් ආරක්ෂාව ලබාදීමට පියවර ගන්නවා.” යනුවෙන් අමාත්‍යවරයා තවදුරටත් පැවසීය.

ආශිකා බ්‍රාහ්මණ



Sri News Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here