පිරිසිදු පාර්ලිමේන්තුවක් සඳහා මහා ශ්‍රමදානයට නොවැම්බර් 14 එක්වන්න – ජනපති අනුර

0
30


පිරිසිදු පාර්ලිමේන්තුවක් නිර්මාණය කිරීමේ මහා ශ්‍රමදානයට නොවැම්බර් 14 වනදා එක්වන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සියලු දෙනාගෙන් ඉල්ලා සිටි අතර, වංචනිකයින්ගෙන් සහ දූෂිතයින්ගෙන් තොර නව පාර්ලිමේන්තුවක් බිහි කිරීම එහි අරමුණ බව පවසයි.

ජනාධිපතිවරයා අවධාරණය කළේ, ජාතික ජන බලවේගයේ ආණ්ඩුවක් යටතේ සමස්ත රාජ්‍ය සේවයම ඩිජිටල් කරමින් ජනතා සේවා වේගවත් කරන බවයි. මහ මැතිවරණයේ දී ජාතික ජනබලවේගයේ ජයග්‍රහණය තහවුරු කිරීම වෙනුවෙන් සංවිධාන කළ දෙවන ජන රැළිය කටුනායකදී පැවැත්වුණු අතර, ඒ ජාතික ජනබලවේගයේ නායක ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙනි.

රට හදන මාලිමාවේ අපි එකට යන තේමාවෙන් රැළිය සංවිධාන කර තිබුණු අතර, ජාතික ජනබලවේගයේ අපේක්ෂකයන්,  පක්ෂ  ක්‍රියාකාරීන් මෙන්ම අති විශාල පිරිසක් ජන රැළියට එක්ව සිටි බව පැවසේ.



Sri News Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here