පාර්ලිමේන්තු මැතිවරණයට අදාළව වියදම් වාර්තා භාරනොදුන් අපේක්ෂකයින් ඇතුළු පිරිස් ගැන විමර්ශන!

0
14


පාර්ලිමේන්තු මැතිවරණයට අදාළව වියදම් වාර්තා භාරනොදුන් අපේක්ෂකයින් ඇතුළු 1040 දෙනෙකුට එරෙහිව මැතිවරණ කොමිෂන් සභාව පොලිසියට කරුනු වාර්තා කර ඇති බව සඳහන් වේ. ඒ අනුව, පාර්ලිමේන්තු මැතිවරණයට අදාළව වියදම් වාර්තා භාරනොදුන් අපේක්ෂකයින් ඇතුළු පිරිස් සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක බුද්ධික මනතුංග මහතා පවසයි.

ඒ ඒ පළාත්වල සහකාර මැතිවරණ කොමසාරිස්වරුන් සමග සාකච්ඡා කර එම කටයුතු සිදු කරන බවත්, එම පිරිස අතර, අපේක්ෂකයින් 900කට අධික පිරිසක් පක්ෂ කිහිපයක් සහ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරුන් කිහිපදෙනෙකු ද වන බවත්, පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසයි.

පසුගිය 6 වැනිදා මධ්‍යම රාත්‍රියෙන්, 2024 පාර්ලිමේන්තු මැතිවරණයට අදාළව වියදම් වාර්තා ලබාදීමේ කාලසීමාව අවසන් විය. මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්.එම්.ඒ.එල් රත්නායක මහතා පැවසුවේ, එම වාර්තා ලබානොදීම මත යම් අපේක්ෂකයෙකුට නඩු පැවරුවහොත් එම අපේක්ෂකයාට පළාත් සභා හෝ පළාත් පාලන ඡන්ද විමසීමක අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත්වීමට හැකියාවක් නොමැති බවයි.

තවද, පොලිස් මාධ්‍ය ප්‍රකාශක, බුද්ධික මනතුංග මහතා සඳහන් කළේ , ජනාධිපතිවරණයේ වියදම් වාර්තා නොදුන් අපේක්ෂකයින් 13 දෙනෙකු සම්බන්ධයෙන් මේ වනවිටත් අධිකරණයට කරුණු වාර්තා කර ඇති බවයි.



Sri News Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here