ජාතික ක්‍රීඩා සභාවේ සභාපතිවරයා ලෙස ප්‍රියන්ත ඒකනායක පත්වීම සම්බන්ධයෙන් සතුටු වූ මාධ්‍යයක් ලෙස අප වෙබ් අඩවියද පෙරමුණේ සිටියේය.ඔහු ජාතික කණ්ඩායම් ක්‍රීඩා දෙකකින් නියෝජනය කිරීම මෙන්ම, ඒ වන විට ඇති වී තිබෙන රග්බි අර්බූදය නිර්මාණය වී තිබුණේ කේසේ ද යන්න දේශපාලනික මට්ටමෙන් රජයට අවබෝධ කර දීමට ඔහුට හැකි වෙනු ඇතැයි යන විශ්වාසයත්,ශ්‍රී ලංකා බේස්බෝල් ප්‍රධාන විධායක ලෙස ඔහු කරන ලද කාර්ය භාරයත් ඒ සඳහා හේතු විය.
විශේෂයෙන් ආසියානු රග්බි විරෝධය සහ ජාත්‍යන්තර රග්බි විරෝධය, ශ්‍රී ලංකාව විසින් දඬුවම් කළ යුතුව තිබූ,ශ්‍රී ලංකාවේ සමස්ත රග්බි දේහයට හානි කළ පිරිස ජාත්‍යන්තරය සමඟ එක් වී තමන්ගේ අවශ්‍යයතාවයන් ඉටු කරවා ගැනීමට දරණ උත්සාහයක් ලෙස පෙනෙන්නට තිබීම ප්‍රියන්ත වැන්නෙක්ට පැහැදිළිව අවබෝධ කර ගැනීමට ඇති හැකියාව ඊට ප්‍රධාන වශයෙන් බලපෑවේය.ඒ අයට දඩුවම් කිරීමේ අවශ්යයතාවය,වැරදි සෙවීමට කටයුතු කිරීම යනාදිය සඳහා අමාත්‍යවරයා දැනුවත් කර තමන් කළ ක්‍රීඩාවේ යහපත වෙනුවෙන් පෙනී සිටීමට ප්‍රියන්තට ඇති හැකියාව ඔහුගේ පත්වීම ගැන සතුටු වන්නට හේතුවක් විය.
එහෙත් ඔහු ජාතික තලයේ මාධ්‍යයකට ප්‍රකාශ කළ බවට ප්‍රසිද්ධ කරන කාරණා අනුව ඔහු සිටින්නේ කුමන්ත්‍රණයක් විසින් ශ්‍රී ලංකා රගර් මත පටවන බලපෑම අනුමත කරන තත්ත්වයක ද යන්න සිතිය යුතුව ඇත.ප්‍රාදේශිය සංගම්වලට බලය පැවරෙන ලෙස පවතින ව්‍යවස්ථාව පොළවට සම්බන්ධ වන්නේ ද,ජාත්‍යන්තර වශයෙන්ය.නවසීලන්ත ජාතික ජෙෆ් මැතේසන් හී පවතින ව්‍යවස්ථාවේ පදනම් ලියවිල්ලේ නිර්මාපකයාය.එය ප්‍රියන්ත හොඳින් දන්නා කරුණක්ය.
රගර් යා යුතු මග…
එසේම ශ්‍රී ලංකාවේ ප්‍රාදේශිය රගර් සංවර්ධනය ඇණ හිටින්නේ ජාත්‍යන්තරය විසින් වාර්ශිකව ලබා දුන් ආධාර මුදල් නැති වී යාම නිසාය.එය නිකම්ම නැති වුණේ නැත.හේතුව විදේශිකයන් නිසි නීතිමය පදනමකින් තොරව පුරවැසිකම සහිත තත්ත්වයක නොසිටියදී ශ්‍රී ලංකාව වෙනුවෙන් ක්‍රීඩා කරවීමය.එසේ කරන්නට හේතුව ශ්‍රී ලංකාව දිනවීමේ උවමනාව නොව,නායක රජ පුතාට රට දිනවිය හැකි පෙන්වීමය.එයට හවුල් වූ එවකට සිටි රගර් ප්‍රධානින් එම වරද කළ විට ජාත්‍යන්තරයෙන් පැන වූ පවුම් 50000 ක දඩය ගෙවීම වරද කළ නිලධාරින් විසින්ම ජාත්‍යන්තරයෙන් ලැබෙන ආධාරවලින් වාර්ශිකව අඩු කර ගන්න කීවේය.
මේ කාරණය ප්‍රියන්ත ඒකනායක පැහැදිළිව දන්නේය.නාමල් රාජපක්ෂ පැමිණි පසු පවතින පරිපාලනය නිදහස් සහ සෘජුව තීරණ ගනිද්දී ඊට හරස් කපමින් තමන් වෙනුවෙන් රටේ රගර්වලට පවුම් 50000 ක දඩයක් ගැසීමට ඉඩ හසර සකස් කළ පුද්ගලයා පරිපාලන කමිටුවක් පත් කර එහි සභාපති බවට පත් කළේය.ඒ පත් කිරීම සිඳු කරන්නේ වරදට දඬුවම් නොලැබීම නිසා ආසියාවේ සභාපතිගේ තුරුල්ලට පැනි සිටියදී,ආසියානු සභාපතිගේ ද අදහස් සහ ආශිර්වාදය ඇතුවය.එය එවකට හිටි ක්‍රීඩා අධ්යක්ෂවරයා රගර් පරිපාලනයට දැණුම් දුන් ලිපියේම තිබුණු දෙයක්ය.
ඒ ආකාරයට ආසියාව සමඟ එක් වී ශ්‍රී ලංකාවට බලපෑම් කිරීමේ සංස්කෘතිය පියවරෙන් පියවර ඉදිරියට පැමිණ දේශිය අනුග්‍රාහකයන්ද පිට රට පැටවීමට අමාත්‍යවරයා ද උදව් දෙද්දී,පැවති රගර් පරිපාලනයට අලුත් අනුග්රාහකයන් සොයා යන්නට විය.ඒ අභියෝග ජය ගත්ත ද,රටේ ක්‍රීඩාවට අදාළ දේශපාලන නායකත්වය සහ ආසියානු නායකත්වය විසින් ඇති කරන පීඩනය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ සභාපතිවරයා ආසියානු සභාපතිවරයාට පෞද්ගලිකව දුරකතනයෙන් (අන්තර්ජාල සබඳතා හරහා) කළ දොස් පැවරීමකට ආසියානු සම්මේලනය ඔහුව තහනමට ලක් කරන්නේය.
එය ආසියානු සම්මේලනයේ විනය පද්ධතිය බිද දැමීමක් නොව,පෞද්ගලික කාරණයක් වුව ආසියානු සභාපතිවරයා සිය බලය යොදා තහනම ගෙන ආ අතර ඒ සම්බන්ධයෙන් පරීක්ෂණ වාර්තාවක්,කරුණු දැක්වීමට අවස්ථාවක් අද වනතුරු ලබා දී නැති අතර එක් පාර්ශවිකව රටේ රගර්වල ස්වාධීනත්වය වෙනුවෙන් පෙනී සිටි පුද්ගලයාට පහර දීමට හැකි පරිදි ශ්‍රී ලංකාවේ ක්‍රීඩා ඇමතිවරු සහ අමාත්‍යංශ සහ සංවර්ධන දෙපාර්තමේන්තු නිලධාරීන් අල්ලාගෙන සිටියා විනා,රට වෙනුවෙන් කතා කළ පුද්ගලයා සම්බන්ධයෙන් සාධාණ පරීක්ෂණයක් සිඳු වී නැති බව හෝ පෙන්නා දෙමින් ජාත්‍යන්තරය දැනුවත් කරන්නට ගියේ නැත.
වැරදි හෝ නිවැරදි හෝ යන්න පසෙක ලා ආසියාව සහ ජාත්‍යන්තරය යමක් කී විට එය ඒ ආකාරයෙන්ම භාර ගත යුතුය යන්න ප්‍රියන්ත ඒකනායක ද විශ්වාස කරන බව ඔහු අදහස් දක්වා තිබෙන මාධ්‍ය වාර්තාවෙන් පැහැදිළි වන්නේය.අසාධාරණ තීරණයකින් ශ්‍රී ලංකාවේ ක්‍රීඩාවට යම් හානියක් වන්නේනම් ඊට එරෙහි වීම නොව අසාධාරණය සාධාරණය ලෙස භාර ගන්නා ලෙස අමාතවරයාට උපදෙස් දීම ප්‍රියන්ත ඒකනායක සිය ධූරයේ වගකීම ලෙස සිතා සිටින්නේ ද යන්න පැහැදිළි නැත.
Sri News Media