ප්‍රධාන ආයතන දෙකකට නව අධ්‍යක්ෂ මණ්ඩලයක්!

0
2


අද (18) දින ජාතික චිත්‍රපට සංස්ථාවට සහ ශ්‍රී ලංකා පදනම් ආයතනයට අධ්‍යක්ෂ මණ්ඩල පත්කරමින් ජනමාධ්‍ය අමාත්‍යංශ ශ්‍රවණාගාරයේදී පැවැති රැස්වීම් සභාව අමතමින්, ජාතික චිත්‍රපට සංස්ථාව නූතන යුගයට සරිලන පරිදි සකස් කළයුතු බවත්, පෞද්ගලික ආයතන හා සමඟ තරඟකාරිත්වය ජයග්‍රහණය කරමින් ඉදිරියට යායුතු බවත්, බුද්ධ ශාසන ආගමික කටයුතු, ජාතික ඒකාබද්ධතා සමාජ ආරක්ෂණ සහ ජනමාධ්‍ය අමාත්‍ය විජිත හේරත් මහතා පවසයි.   

අමාත්‍යවරයා පැවසූවේ, පසුගිය කාලය තුළ චිත්‍රපට නිදහස් කිරීමේදී ඒ සම්බන්ධයෙන් පෞද්ගලික හිතවත්කම් අදාළ වූ බවට චෝදනා තිබූ බවත්, නව අධ්‍යක්ෂ මණ්ඩලය ඒ සම්බන්ධයෙන් මැදිහත්වී සාධාරණව චිත්‍රපට නිදහස් කිරීමේ කටයුතු සිදුකළ යුතු බවත්ය. 

2004/2005 කාලය තුළ සිංහල, දෙමළ සහ මුස්ලිම් යන සියලු වර්ග නියෝජනය කරමින් සාමාජිකයන් පත්කිරීමට කටයුතු කළ බවත්, දෙමළ සිනමාව කාර්මාන්තයක් ලෙස මෙරට තුළ ඇති කිරීමට මෙතෙක් හැකිවී නොමැති බවත්,  දෙමළ සිනමාව ඉදිරියේදී මෙරට තුළ කර්මාන්තයක් ලෙස වර්ධනය විය යුතු බවත්, අමාත්‍යවරයා කියා සිටියේය,

ශ්‍රී ලංකා පදනම් ආයතනය සම්බන්ධයෙන් අදහස් දක්වමින් අමාත්‍යවරයා පැවසුවේ, ඉකුත් කාලය තුළ පදනම් ආයතනයේ තිබූ දුර්වලතා වළක්වා ගනිමින් වත්මන් නිලධාරීන් පදනම් ආයතනය පාලනය කළ යුතු බවත්, ඍජු තීන්දු තීරණ ගතයුතු බවත්ය. 

එහිදී පත්වීම් ලැබූ පිරිස පහත දැක්වේ.

ජාතික චිත්‍රපට සංස්ථාවේ අධ්‍යක්ෂ මණ්ඩලය



Sri News Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here