සිංගර් – MCA සුපර් ප්‍රිමියර් ලීග් 2024 T20 අවසන් මහා තරගයේදී සිටිසන්ස් ඩිවලොප්මන්ට් බිස්නස් (CDB) වෙනුවෙන් පවන් රත්නායක ගොඩ නෑඟූ විශිෂ්ඨ ඉණිම හේතුවෙන් සිටිසන්ස් ඩිවලොප්මන්ට් බිස්නස් (CDB) කණ්ඩායමට කඩුලු 5 ක් ජයක් හිමි විය. ෆෙයාර්ෆස්ට් ඉන්ෂුවරන්ස් කණ්ඩායම අවසාන තරගයේදී පළමුවෙන් පන්දුවට පහර දී ලකුණු 170 ක ලකුණු පූවරුවක් ගොඩ නැඟුව ද,පවන් පන්දු 26 දී හයේ පහර 5 ක් සහ හතරේ පහර 4 ක් සමඟ රැස් කළ ලකුණු 51 නිසා පන්දු ඕවර් 13.4 දී කඩුලු 4 ක් දැවී ලකුණු 171 රැස් කරන්නට සීඩීබී කණ්ඩායමට හැකි විය.
පළමුව පන්දුවට පහර දුන් ෆෙයාර්ෆස්ට් ඉන්ෂුවරන්ස් කණ්ඩායම පන්දු ඕවර් 20 නිමාවේදී කඩුලු 9 ට ලකුණු 170 ක් රැස් කරන්නට සමත් වුණා.එහිදී වැඩිම ලකුණුලාභියා වූ අනුක් ප්‍රනාන්දු පන්දු 27 දී හයේ පහර 4 ක් සහ හතරේ පහර දෙකක් සමඟ ලකුණු 51 ක් රැස් කරනු ලැබුවා.පන්දු යැවීමේදී ලසිත් කෘෂ්පුල්ලේ ලකුණු 7 ට කඩුලු 2 ක් සහ මොවින් සුබසිංහ ලකුණු 33 ට කඩුලු 2 ක් ලෙස සීඩීඑම් කණ්ඩායම වෙනුවෙන් කැපී පෙණුනා.
පිළිතුරු ඉණිමේ දී පවන්ගේ ප්‍රහාරාත්මක ඉණිමේ පලදායිතාවය වැඩි කරන්නට දායක වූ සොනාල් දිනූෂ පන්දු 17 දී නොදැවී ලකුණු 36 ක් ලබා ගනිමින් පවන්ට සහය වූ අතර කණ්ඩායම ජයග්‍රහණය ලැබෙන තෙක් කඩුල්ල ලබා නොදී සිටින්නටත් සමත් වුණා.පවන් සහ සොනාල් සිව්වන කඩුල්ලට පන්දු 25 දී ලකුණු 55 ක් රැස් කරමින් වටිනා සබඳතාවයක් දියත් කරනු ලැබුවා.
වෙළද සේවා ක්‍රිකට් සංගමය (MCA) විසින් පත් කරන ලද තරග තීරක බැසිල් පෙරේරා, පවන් රත්නායක (CDB) තරගයේ වීරයා ලෙස නම් කරනු ලැබුවා.
පිරිනැමෙන අනෙකුත් විශේෂ සම්මාන වලදී හොඳම පන්දු යවන්නා ලෙස මොවින් සුබසිංහත් (CDB) හොඳම පිතිකරු ලෙස T.M. සම්පත් ද (හේලීස් සමූහය) ඇගයීමට ලක් කරනු ලැබුවා.
මේ අනුව 31 වන සිංගර්- MCA සුපර් ප්‍රිමියර් ලීග් 2024 සඳහා තිරය විවෘත වූ අතර, මංගල තරඟකරුවන් වන මැලිබන් බිස්කට් කණ්ඩායම “ලීග්” ශූරයා බවට පත් වූ අතර ෆෙයාර්ෆස්ට් ඉන්ෂුවරන්ස් “නොක්-අවුට්” තරඟාවලිය ජයග්‍රහණය කළේය.
ප්‍රධාන ආරාධිත අමුත්තා වූ සිංගර් ශ්‍රී ලංකා පීඑල්සී හි ප්‍රවර්ධන ජ්‍යෙෂ්ඨ කළමනාකරු, කේඩීඑස් කනිෂ්ක සහ MCA නිලධාරීන්, සභාපති මහේෂ් ද අල්විස්, ප්‍රධාන ලේකම් රොහාන් සෝමවංශ සහ තරඟාවලි කමිටුවේ සභාපති ලක්මාල් ද සිල්වා යන අය අතින් ජයග්‍රාහකයන්ට සම්මාන ප්රදානය සිදු වූහ.
ලකුණු සටහන:
ෆෙයාර්ෆස්ට් ඉන්ෂුවරන්ස් – ඕවර 20කදී කඩුලු 09කට 170 (ගවිරු සෙන්හස් 13, මිනෝද් භානුක 26, අනුක් ප්‍රනාන්දු 51, මෝදිත රණතුංග 20, නිමේෂ් විමුක්ති 37, මොවින් සුබසිංහ 2/33, ලසිත් කෲස්පුල්ලේ 2/7)
CDB – ඕවර 13.4කදී කඩුලු 05කට 171 (ළහිරු උදාර 35, ඕෂද ප්‍රනාන්දු 15, පවන් රත්නායක 51, සොනාල් දිනූෂ නොදැවී 36, ළහිරු මධුසංක 10, නිමේෂ් විමුක්ති 2/15, ඉම්තියස් ස්ලාසා 2/19)
http://www.sportwaynews.com/
Sri News Media