පදවිය, බෝගස්වැව ප්රදේශයේදී ඊයේ (දෙසැම්බර් 05) රාත්රියේ සිදුවූ වෙඩිතැබීමකින් කාන්තාවක් මරණයට පත්ව ඇති බව වාර්තා වේ.
මෙසේ මියගොස් ඇත්තේ බෝගස්වැව, බාලයාවැව ප්රදේශයේ පදිංචි 73 හැවිරිදි කාන්තාවකි.
ඇය නිවසේ සිටියදී යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු විසින් වෙඩිතැබීම සිදුකර පළාගොස් ඇති බව සඳහන්.
වෙඩිතැබීම සඳහා T 56 වර්ගයේ ගිනිඅවියක් භාවිතා කර ඇතැයි පොලීසිය සැක කරන අතර වෙඩිතැබීමට හේතුවක් හෝ සැකකරුවන් සම්බන්ධයෙන් තොරතුරු මෙතෙක් අනාවරණය වී නොමැත.
පදවිය පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.
Sri News Media