නොවිසඳුණු ගැටලු ගැන සරසවි සිසුන් අගමැතිනිව දැනුවත් කරයි!

0
4


අද (17) දින, අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය හා ශිෂ්‍ය සංගම් අතර පැවති සාකච්ඡාවක් පැවති අතර එහිදී, විශ්ව විද්‍යාල සිසුන්ගේ අධ්‍යයන කටයුතු සහ ශිෂ්‍ය සුබසාධනය සම්බන්ධයෙන් විශ්ව විද්‍යාල සිසුන් මෙතෙක් මුහුණ දුන් නොවිසඳුණු ගැටලු රාශියක් පිළිබදව අවධානය යොමු කර තිබෙන බව සඳහන් වේ.

මෙම සාකච්ඡාව සඳහා අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය සහ ඒ යටතේ ඇති විශ්වවිද්‍යාල ශිෂ්‍ය සංගම්, අධ්‍යාපන අයිතිය උදෙසා සිසු ජන බලය සහ ඒ යටතේ ඇති විශ්වවිද්‍යාල ශිෂ්‍ය සංගම්, වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුව සහ සියලු වෛද්‍ය පීඨ ශිෂ්‍ය සංගම්, අන්තර් විශ්වවිද්‍යාලයීය භික්ෂු බලමණ්ඩලය, අන්තර් උසස් ජාතික ඩිප්ලෝමා ශිෂ්‍ය බලමණ්ඩලය, සාගර විශ්වවිද්‍යාලයීය මහා ශිෂ්‍ය සංගමය, ඉංජිනේරු තාක්ෂණ ආයතන ශිෂ්‍ය සංගමය, මොරටුව ඉංජිනේරු පීඨ ශිෂ්‍ය සංගමය ඇතුලු ශිෂ්‍ය සංගම් ගණනාවක නියෝජිතයින් පිරිසක් සහභාගී වී තිබෙන බවද සඳහන් වේ.



Sri News Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here