නිර්ධන පන්තිය නියෝජනය කරනවා කියු ජනාධිපතිවරයා දිගින් දිගටම ජනතාව රවටනවා – සජිත් (VIDEO)

0
25


අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා එදා නිර්ධන පන්තිය සාමාන්‍ය ජනතාව වෙනුවෙන් පෙනී සිටින එකම නියෝජිතයා යැයි කියා ගනිමින් වේදිකාවක් වේදිකාවක් පාසා තෙල් මිල, ආහාර මිල, බදු බර, විදුලි බිල අඩු කර රාජ්‍ය සේවයේ වැටුප් වැඩි කරනවා යැයි කියු බවත් මේවා කරන්නට පාර්ලිමේන්තුවේ බහුතර බලය අවශ්‍ය නොවන බවත් විධායක ජනාධිපතිවරයාට දැනටත් මේවා කළ හැකි බවත් සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

මොවුන් ⁣වේදිකාවල ඉන්ධන මිල සුත්‍රය පැත්තකට දමනවා කිව්වත් අද වන විට වත්මන් ජනාධිපතිවරයා තෙල් මිල සුත්‍රයේ වහලකු වී ඇති බවත් එදා කොමිස් අල්ලස් හා බදු නැති කර තෙල් මිල විශාල ප්‍රමාණයකින් අඩු කරන බව පැවසුවත් අද එය කරන්නට නොහැකි වී ඇති බවත් පැවසූ සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපතිවරයාගේ බොරුව තෙල් සංස්ථාවේ සභාපතිවරයා ඔප්පු කර ඇති බවත් අල්ලස් දුෂණය නැති බව සභාපතිවරයා පැවසු බවත් තෙල් මිල අඩු කරන්නට මුදල් ඇමතිගේ හා මහා භාණ්ඩාගාරයේ අනුමැතිය අවශ්‍ය යැයි ඔහු පැවසූ බවත් සඳහන් කළේය.

නිර්ධන පන්තියේ ජනාධිපතිවරයා අඩු කලේ සුපර් ඩීසල් සහ සුපර් පෙට්‍රල් බවත් එය සාමාන්‍ය ජනතාවට, ත්‍රීරෝද රථ හිමියන්ට එයින් වාසි නොවු බවත් එහි වාසිය ගියේ ධනපති පන්තියට බවත් විදුලි බිල පවා 33%කින් අඩු කරනවා කිව්වත් එය ද නොවු බවත් මේවා කරන්නට පාර්ලිමේන්තුවේ අනුමැතියක් අවශ්‍ය නොවන බැවින් මොහු රටට ජනතාවට බොරැ කර රවටන බවත් සජිත් ප්‍රේමදාස මහතා තවදුරටත් පැවසීය.

අද වන විට සාමාන්‍ය ජනතාව ආහාරයට ගන්නා සහල් පවා දරාගත හැකි මිලකට ලබා දෙන්න නොහැකි වී ඇති බවත් පොල් ගෙඩියට පවා පෝලිම් ඇතිව තිබෙන බවත් බදු අඩු කරනවා කියපු ජනාධිපතිවරයා අද IMF රුකඩයක් වී ඇති බවත් ඒ මහතා ප්‍රකාශ කළේය.

කෙසේවෙතත් ජනාධිපතිවරණයේ දී සමගි ජන බලවේගය ඉදිරිපත් කළ ප්‍රතිපත්ති ප්‍රකාශය අකුරටම ඉටු කර නව IMF ගිවිසුමකට නායකත්වය ලබා දෙන බවත් සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ පැවසුවේ මැද කොළඹ දී පැවැති ජන හමුවකදීය.



Sri News Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here