නායකයෝ ගත්ත තීරණ නිසා අපි අතරමං වුණා – දිලිත් ළඟ අලුත් ගමන හොඳයි කියල හිතනවා!

0
25


තමන්ද පසුගිය මහ මැතිවරණයට තරඟ නොකිරීමට හිතෙන තරමට දේශපාලනය ගැන කලකිරී සිටි බවත් එසේ වූයේ නායකයින් ගත් ක්‍රියාමාර්ග නිසා බවත් හිටපු මන්ත්‍රීවරයා සඳහන් කරයි.

එදා නායකයින් ගත් තීරණ නිසා අප පමණක් නොව හැටනව ලක්ෂයක් ජනතාවද අතරමං වූ බව ඔහු කියාසිටියි.

එම තත්ත්වය මත අද දවස වනවිට යම් යම් තීරණ ගැනීමට සිදුව ඇති බවයි චන්ද්‍රසේන මහතා පවසන්නේ.

එම නිසා අලුත් ගමනක් යාම සඳහා තෝරාගත යුතු පක්ෂය,බලවේගය ලෙස දිලිත් ජයවීර මහතා නායකත්වය දෙන සර්වජන බලය තෝරාගත් බව හෙතෙම පවසයි.

පාක්ෂිකයින් ඇතුළු සියලු පාර්ශව සමඟ සාකච්ජා කර මෙම තීරණයට එළඹී බවයි ඔහු තවදුරටත් පවසන්නේ.

ඉදිරියට යා හැකි තැන ගැන අධ්‍යයනක් කර තේරුම් ගැනීමෙන් අනතුරුව මෙම තීරණය ගත් බවද හිටපු පොහොට්ටු මන්ත්‍රීවරයා සඳහන් කරයි.



Sri News Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here