නහයට අහන්නේ නැතිව ගිය කෝලිට විනය ක්‍රියාමාර්ගයක්!

0
29


සටහන: පුන්සරා ලියනගේ

දෙසැම්බර් 27, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ):ඉකුත් බ්‍රහස්පතින්දා මෙල්බර්න්හිදී ආරම්භ වූ සිව්වැනි ටෙස්ට් තරගයේ පළමු දිනයේදී ඔස්ට්‍රේලියානු ආරම්භක පිතිකරු සෑම් කොන්ස්ටස්ගේ උරහිසෙහි දැඩිව වැඳීයාම සම්බන්ධයෙන් ඉන්දීය සුපිරි ක්‍රිකට් ක්‍රීඩක විරාට් කෝලිට ICC ය විසින් දඬුවම් නියම කර ඇති බව වාර්තා වේ.

මේ සඳහා කෝලිට ඔහුගේ තරගාවලියට ගෙවන මුදලින් සියයට 20 ක දඩයක් නියම කර ඇති අතර ඔහුගේ විනය වාර්තාවට ද මේ පිළිබඳ ඇතුළත් කර තිබේ.

ඕස්ට්‍රේලියානු ඉනිමේ 10 වැනි ඕවරය අවසන් වීමෙන් පසු කෝලි සහ කොන්ස්ටස් අතර වූ උරහිස් ගැටීමෙන් මෙම සිදුවීම උත්ගතවිය.

කෝපයට පත් කොන්ස්ටස් උස්මාන් කවාජාට පෙර කෝලිට එරෙහිව මුහුණ දුන් අතර පිටියේ විනිසුරු ද ඊට මැදිහත් විය.

කොන්ස්ටස් ලකුණු 27ක් රැස්කරගෙන සිටියදී මෙම ගැටුම සිදු වූ අතර ඔහු ඊළඟ ඕවරයේ ජස්ප්‍රිත් බුම්රාගේ පන්දුවකට හතරේ පහර 2ක් සහ හයේ පහරක් ද එල්ල කළේය.

The post නහයට අහන්නේ නැතිව ගිය කෝලිට විනය ක්‍රියාමාර්ගයක්! appeared first on LNW Sinhala.



Sri News Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here