දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සුරාබදු දෙපාර්තමේන්තුවට අලුත් ලෙඩක් දාලා ?

0
3


ඔවුන් පෙන්වා දෙන්නේ සුරාබදු ආඥා පනත හෝ ඒ යටතේ සාදන ලද නීති සහ රෙගුලාසි අනුව දැනට පවතින (ප්‍රවර්ථන) බලපත්‍රයක් අලුත් කිරීමේදී හෝ නව බලපත්‍රයක් ලබාදීමේදී දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුවේ නිෂ්කාශන සහතිකයක් ලබාගත යුතු බවට වූ නියමයක් මොනයම් හෝ ස්ථානයක සඳහන්ව නොමැති බවයි.

එසේම දැනට දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සුරාබදු කොමසාරිස් ජනරාල්වරයාගේ රාජකාරිවලට බාධා වන අයුරින් සහ ඉහළ නිලධාරීන් ලවා ඔහුට බලපෑම් කරමින් ලබාදෙන්නේ නිෂ්කාශන සහතිකයක්ද යන්න පවා ගැටලුවක් වී ඇති අතර මෙතෙක් කල් බදු වංචාකරුවන් දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ඇතැම් නිලධාරීන් සමග එක්ව නොයෙක් අක්‍රමිකතා සිදුකරමින් ව්‍යාජ නිෂ්කාශන සහතික උපයෝගී කරගෙන මත්පැන් බලපත්‍ර අලුත් කිරීම ඉතාම පහසුවෙන් කරගෙන ඇති බවත් මත්පැන් බලපත්‍රලාභීන්ගේ සංගමය පෙන්වා දී ඇත.

ඒ අනුව 2025 වසර සඳහා මත්පැන් බලපත්‍ර නිකුත් කිරීමේදී පවතින නීතිමය තත්වය යටතේ සහ අභියාචනාධිකරණය ලබාදී ඇති නියෝගවලට අනුව කටයුතු නොකරන්නේ නම් මෙම ක්‍රියාවලියට බලපෑම් කරන සියලුම නිලධාරීන්ට එරෙහිව අධිකරණයට කරුණු දැක්වීමටත් ඒ සඳහා වන්දි අයකර ගැනීමටත් සිදුවන බව එම සංගමය සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා වෙත දැනුම් දී ඇත.

මෙම තත්වය සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කරමින් මත්පැන් බලපත්‍රලාභීන්ගේ සංගමය විසින් සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා වෙත යවන ලද ලිපිය පහතින් දැක්වේ.

නව සුරාබදු කොමසාරිස් ජනරාල් උදය කුමාර පෙරේරා මහතා ද එම තනතුරට පත්වීමට පෙර සේවය කළේ දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ය. ඒ අනුව තම ආයතනයේ සිට පැමිණි නිලධාරියෙකු සුරාබදු දෙපාර්තමේන්තුවට පැමිණ එහි ආදායම් ඉලක්ක සම්පූර්ණ කිරීම වැළැක්වීම සඳහා දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ කවර හෝ ඉහළ නිලධාරියකු හෝ පිරිසක් ඊර්ෂ්‍යාවෙන් කටයුතු කරමින් මෙසේ අනවශ්‍ය ගැටලු ඇති කරමින් සිටින්නේද යන්න පිළිබඳ සැකයක් උද්ගතව ඇති බවයි මත්පැන් නිෂ්පාදන ක්ෂේත්‍රයේ ආරංචිමාර්ග සඳහන් කළේ.



Sri News Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here