වෙළද සේවා හොකී සංගමය 46 වන වතාවටත් මෙහෙයවන සත් සාමාජික වෙළද සේවා හොකී තරගාවලිය දෙසැම්බර් 15 වන දින පී සරවනමුත්තු පිටයේ දී,තරග පිටි දෙකක් කේන්ද්‍ර කරගෙන පැවත්වීමට තීරණය කර තිබෙනවා.වෙළඳ සේවා ආයතන 17 න් කණ්ඩායම් 26 ක් මේ තරගාවලිය සඳහා ක්‍රීඩා කිරීමට නියමිතයි.දිනය පුරා තරගාවලියේ ජයග්‍රාහකයා තේරිම දක්වා තරග 42 ක් තරග පිට දෙක තුළ ක්‍රියාත්මක කෙරෙනවා.
මෙවරත් ඉකුත් වසරේ මෙන්ම තරගාවලියේ ප්‍රධාන අනුග්‍රාහකයින් ලෙස Haieon ලංකා පුද්ගලික සමාගම ඉදිරිපත් වී ඇති අතර සම අනුග්‍රාහකත්වය දරන්නේ බව්වා බයිට් ය.1957 දී ඇරඹි වෙළද සේවා සත් සාමාජික හොකී තරගාවලිය පවත්වා ඇති ඉතිහාසයේ මෑත කාලය ගත් විට ජයග්‍රහණය සම්බන්ධයෙන් වැඩි ගෞරවයක් දිනා ගෙන ඇත්තේ හැටන් නැෂනල් බැංකු කණ්ඩායමය.
මෙවරත් හැටන් නැෂනල් බැංකුව ඒ කාණ්ඩයෙන් සහ වෙළද සේවා හොකී සංගම් සභාපතිගේ කුසලානය සඳහා වන කාණ්ඩයේ තරගවලට පිළිවෙලින් ඒ සහ බී ලෙස සම්බන්ධ වී ඇත.හොඳ තරගකාරී අභියෝගයක් එල්ල කරන තවත් කණ්ඩායමක් වන කොමර්ෂල් බැංකුවද කණ්ඩායම් දෙකක් පෙර දක්වා ඇති කාණ්ඩ නියෝජනය යටතේම ඉදිරිපත් කර තිබේ.එසේම ඉහත ආකාරයටම ඒ සහ සභාපති කුසලාන තරග සඳහා කණ්ඩායම් දෙක බැගින් ඉදිරිපත් කර ආයතන අතර සම්පත් බැංකුව,බ්‍රවුන්ස් සමූහ ව්‍යාපාරය සහ මාස් හෝල්ඩින්ග්ස් යන ආයතනද කණ්ඩායම් දෙක බැඟින් ඉදිරිපත් කර තිබෙන්නේය.
ඒ,බී,සී,ඩී සහ සභාපති කුසලාන ලෙස සූරතා පහක් පී සරා පිටියේදී බෙදී යාමට නියමිත අතර ක්‍රීඩක දක්ෂතා ඇගයීමක් ද සිඳුවිමට නියමිතය.වසර පුරා වෙළද සේවා හොකී සංගමය විසින් තරගාවලි හතරක් ප්‍රධාන වශයෙන් සංවිධානය කිරීමට නියමිත අතර ඒ අතරින් මේ සත් සාමාජික තරගාවලිය කෙටි තරග කාලයක් හිමි උණුසුම්ම තරගාවලියක් ලෙස දැක්විය හැකිය.
මූලික වටයේ තරග විනාඩි හය විනාඩි දෙකක විවේකය සහ යළිත් විනාඩි 6 ක විවේකය ලෙස ක්‍රියාත්මක වන අතර අවසන් පූර්ව තරග අතර මැද විවේකය විනාඩි දෙක බැඟින් තිබියදී, දෙපසට විනාඩි හතක් තරගය පැවත්වෙන කාලය ලෙස එකතු වේ.අවසන් තරග පැවත්වෙන්නේ විනාඩි 10 විවේකය දෙක සහ යළික් විනාඩි 10 ක් ලෙසය.ඒ කාණ්ඩයේ සට සියලු කාණ්ඩවල තරග උදෘසන 7.30 න් ඇරඹෙන අතර පස්වරු 3.00 සිට අවසන් තරග ආරම්භ වීමට නියමිතය.
ඉතිහාසයේ ශ්‍රී ලංකාවේ රගර් ජාතික කණ්ඩායමට විශිෂ්ඨතම ක්‍රීඩකයන් බිහි කළ තෝතැන්නක් ලෙස පැවති පෞද්ගලික අංශයේ ආයතන විවිධ ආර්ථික හේතු මත,ඇතැම් විට වෙනස් වූ පාලන රුචිකත්වයන් මැද ඇතුළු විවිධ සමාජ වෙනස්කම් මත ද රගර් පිටිය හැර ගොස් ඇති අතර,එවැනිම හේතු පදනම් කර ගෙන අලුතෙන් රගර් ක්‍රීඩාවට යොමු වන පෞද්ගලික ව්‍යාපාර ආයතනද දැකිය හැකිය.එහිදී මේ කීර්තිමත් ඉතිහාසයට හැඩකාර ලලනා ලාලිත්‍යයද මුසු කර අද වන විට පාසල් මට්ටමෙන් බිහිවන විශාල හොකී ක්‍රීඩිකාවන් රැසකට ක්‍රීඩාවේ රැදී සිටීමට අවශ්‍යය ආර්ථිකමය සහ ලැබෙන රැකියාවක්ද ලැබෙන බැවින් හොකී ක්‍රීඩාවේ ජාතික අවශ්‍යයතාවයක් ලෙස සළකා කාන්තා තරගාවලිද මේ අතරට එක් කළ හැකිනම් වැදගත්ය.
මේ වන විට ආයතනික වශයෙන් නියමිත සාමාජික ප්‍රමාණයක් කණ්ඩායමතට නොමැති වීම නිසා එවැනි තරගාවලියක් නොපැවත්වෙන බව දැන ගන්නට ලැබුණත් එම තත්වය පෝෂණය කර ආයතන ඒ කෙරෙහි යොමු කිරීම සහ ඉල්ලා සිටීම සදහා රාජ්‍යමය වශයෙන් ක්‍රීඩා බලධාරීත්වයද පෞද්ගලික අංශයට දිරි දිය යුතුය.
රාජ්‍යමය වශයෙන් ක්‍රීඩාව සඳහා දායකත්වය දෙන ආයතන පොළඹවන සුළු රාජ්‍ය වරප්‍රසාද හඳුන්වා ද වැදගත් වන්නේ ක්‍රීඩකයන්ට පුද්ගල අවස්ථා හිමිවන නිසාම නොවේය.ක්‍රීඩාවට අරමුණක් සහිතව තරගකාරී සහ ගුණාත්මක ලෙස පවතින්නට උත්සාහ කරන පිරිස වැඩිවන නිසාය.එ් ආකාරයට වෘත්තීය අපේක්ෂාවක් තිබෙන නිසා ඒ තත්ත්වයත්,වඩා නිරෝගි පුද්ගලයින් නිර්මාණය වීමත් සිඳු කරන්නට පොළඹවන රටකට රාජ්‍ය පෞද්ගලික අංශයේ ක්‍රීඩා උනන්දුව ඇති කිරීමට කරන දේ මුුළු මහත් සමාජයටම වැදගත් වනු ඇත.
Sri News Media