2024 වසරේ මේ දක්වා කාලය තුළ සංචාරකයින් 19,96,338 දෙනෙකු මෙරටට පැමිණ තිබේ.
දෙසම්බර් මස පැමිණ තිබෙන සංචාරකයින්ගෙන වැඩි පිරිසක් ඉන්දියාවේ සිට පැමිණ ඇති අතර එය 21174ක් ලෙස දැක්වෙන බවයි ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය සඳහන් කරන්නේ.
මෙම වසර අවසන් වන විට සංචාරකයින් මිලියන 2.1පිළිගැනීමට අපේක්ෂා කරන බවද සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි.
ඉන්දියානුවන්ට අමතරව රුසියාවෙන්,එක්සත් රාජධානියෙන්,ජර්මනියෙන් සහ ඕස්ට්‍රේලියාවෙන් ඉහළ සංචාරක පැමිණීමක් වාර්තා කර ඇත.
ආශිකා බ්‍රාහ්මණ
Sri News Media