දූෂණය අව නීතිය නව රජය විසින් වෙනස් කරාවි – කාදිනල් හිමිපාණන්

0
37


සීදුව රද්දොළුගම අගරදගුරු පදවි සමාජ හා ආර්ථික සංවර්ධන මධ්‍යස්ථානයේ පැවති වැඩසටහනකදී, අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පවසා සිටියේ, 1978න් පසු රට තුළ බිහිවූ වැරදි ආර්ථික පිළිවෙත නිසා දූෂණය අව නීතිය රට පුරා පැතිර ගිය බවයි. නමුත් උන්වහන්සේ විශ්වාසය පළ කරන්නේ, නව රජය තුළින් එම තත්ත්වය වෙනස් කර ගැනීමට හැකිවනු ඇති බවයි.

අගරදගුරු හිමිපාණන්ගේ ප්‍රධානත්වයෙන්, ප්‍රදේශයේ අඩුආදායම්ලාභී පවුල්වල දරුවන්ට ශිෂ්‍යත්ව හා පාසල් උපකරණ පිරිනැමීම සහ, ආහාර සුරක්ෂිතතා වැඩසටහන යටතේ ගෙවතු වගා තරගවල ජයග්‍රාහකයන්ට ත්‍යාග පිරිනැමීම සිදුවිය.

තවද, පාස්කු ප්‍රහාරය ගැන නව රජය සාධාරණ විමර්ෂණ කරගෙන යන බවද උන්වහන්සේ පැවසීය.



Sri News Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here