දකුණු අප්‍රිකාව අවසාන තරගයට සූරතාව හුරු පුරුදු ඕස්ට්‍රේලියාව එළියට

0
1


ලෝකයේ ඉහළම ක්‍රිකට් සංස්කෘතිය සතුව ඇත්තේ ඕස්ට්‍රේලියාවටය.එය කාන්තා පිරිමි කියා බේදයක් නැත.කාන්තා විස්සයි විස්ස ලෝක කුසලානය සම්බන්ධ ඉතිහාසය ගත් විටද කතාව එබදුමය.මේ දක්වා පවත්වා ඇති ලෝක කුසලාන තරගාවලි අටෙන් හතකම අවසාන තරගයේ ඕස්ට්‍රේලියාව ඉඳ ඇත.එයින් හයකදීම ඔවුන් ලෝක කුසලාන සූරියෝ වූහ.

එවන් බල පරාක්‍රමයක් සිහත ඉතිහාසයක් පහසුවෙන් හකුලා දමන්නට නොහැකිය.පළමු කොටම ශරීර හැකියාව අභිබවා ගිය මානසික අභිප්‍රේරණයක් තිබිය යුතුය.ඒ හරහා හැම ඉරියව්වකම පළවෙන දැඩි ජයග්‍රාහී විශ්වාසය එකඳු මොහොතකදී හෝ ගිලිහී යන්නට නොදී රැක ගැනීම ද වැදගත්ය.දකුණු අප්‍රිකානු ක්‍රීඩිකාවන් ඒ අභියෝගාත්මක චර්යා රටාව එක දිගට නොසැලි පවත්වා ගනිමින් ඔස්ට්‍රේලියාවට එරෙහි අවසාන පූර්ව තරගය කඩුලු අටකින් ජයගෙන,ඔස්ට්‍රේලියාවට විස්සයි විස්ස ලෝක කුසලාන ඉතිහාසයේ දෙවන අවසාන තරගය අහිමි කරන්නට පෙරමුණ ගත්තේය.

සියල්ල විශ්වාසයෙන් සියලු දේ කරන බව පන්දු රැකීමට පළමුව පිටියට පිවිසි දකුණු අප්‍රිකානු ක්‍රීඩිකාවන්ගෙන් පැහැදිළි විය.ඔවුන් නැති ලකුණු කිසිවක් ඕස්ට්‍රේලියානු ඉණිමට එකතු වන්නට නොඳුන්නේය.පහසුවෙන් පහරක් එල්ල කළ හැකි අන්දමට පන්දු යැව්වේද නැත.ඉලක්කය නිසි පරිදි ජයග්‍රහණය දෙසට හැර වූ පන්දු ඕවර් විස්සක් දකුණු අප්‍රිකානු ක්‍රීඩිකාවෝ ඔස්ට්‍රේලියාව දෙසට යොමු කළහ.එහි ප්‍රතිලය වූයේ ඔස්ට්‍රේලියානු ඉණිම කඩුලු 5 ට ලකුණු 134 ක් ව තිබියදී නිමා වීමය.ඕස්ට්‍රේලියානු පිතිකාරිණියන්ට ලකුණු කරා යා නොහැකි පීඩනයක් එල්ල වීම දකුණු අප්‍රිකානු පන්දු යවන්නියන් අපූරුවට සිඳු කළ අතර ඕස්ට්‍රේලියානු ලකුණු යන්තරය වන බෙත් මූනි වැඩිම ලකුණුලාභිණිය වෙමින් ලකුණු 44 ක් ලබා ගත්තේ පන්දු 42 ක් තුළය.

පන්දු රැකීමේ විශිෂ්ඨත්වය හොඳින් ප්‍රදර්ශනය කළ දකුණු අප්‍රිකාව වෙනුවෙන් පන්දු යැවීමෙන් වැඩිම කඩුලු ප්‍රමාණයක් ලබා ගත්තේ අයබොන්ගා කාකා ය.ඇය ලකුණු 24 ට කඩුලු 2 ක් දවා ගත්තාය.මාරිෂන්නේ කාප් ලකුණු 24 ට එක් කඩුල්ලක් පමණක් දවා ගත්ත ද මූනිව දුවද්දි දවා ගැනීමේ සම්පූර්ණ ගෞරවය ඇයගේ පන්දු රැකීමට හිමි විය යුතුය.

පිළිතුරු ඉණිම මුල සිටම ආක්‍රමණික ස්වභාවයක් ඉසිලීය.අපට මෙම ලකුණු ප්‍රමාණයට පහසුවෙන් යා හැකිය යන සිතුවිල්ල දකුණු අප්‍රිකානු පිතිකාරිනියන්ගේ සෑම ඉරියව්වකම පැහැදිළිව දකින්නට ලැබිණ.ඒ නිසා සංයමය සහ ඉලක්කයට යා හැකි යන විශ්වාසයෙන් ගිය ගමන් මඟට බාධකයක් වැටුණේ ලකුණු 25 දි ය.ඒ ටස්මින් බ්‍රිට්ස් ලකුණු 15 ට දැවී යාම නිසාය.ඒ වන විට පන්දු ඒවර් 4.1 ක් ගෙව තිබුණු බැවින් ඔස්ට්‍රේලියාව ඉදිරියෙන් සිටියේය.දකුනු අප්‍රිකානු නායිකා ලෝරා වොල්වෝර්ට් වැඩ කළබලයක් නැතුව තැන්පත්ව සිටීම ඔස්ට්‍රේලියාවේ ප්‍රධානම ගැටළුව විය.ඇය ලෝකයේ ඕනෑම කණ්ඩායමක් බිය ගන්වන පිතිකාරිණියකි.එහෙත් සැළසුමෙන් පිට බිය හිතෙන ප්‍රහාරය පටන් ගත්තේ ඇනෙකි බොස්ච් ය.ඇය ජයග්‍රහණය සහතික වන තෙක්ම නොදැවී ලකණු 74 ක් එක් කළේ පන්දු 48 ට පමණක් මුහුණ දෙමින්ය.ජයග්‍රාහී ලකුණ වාර්තා වන්න ලකුණු 14 ක් තිබියදී ලැබිය යුතුම වූ අර්ධ ශතකයට පෙර ලෝරාට යළි ක්‍රීඩාගාරයට යන්නට සිඳු විය.ඒ වන විට ලෝරා සහ බොස්ච් අතර දෙවන කඩුල්ලට ලකුණු 96 ක සබඳතාවයක් ඇති වී තිබිණි.ඇය ඒ වන විට පන්දු 47 දි ලකුණු 42 ක් ලබා උන්නාය.දැවී ගිය කඩුලු 2 ම ඇනබල් සදර්ලන්ඩ් ට හිමි වූ අතර ඇය ඕස්ට්‍රේලියාව වෙනුවෙන් ඒ සඳහා ලකුණු 25 ක් ලබා දී තිබිණ.

ආබාධයක් නිසා තරගයට සහභාගි වන්නට නොහැකි වූ ඇලීසා හීලි වෙනුවට තරගයට නායකත්වය දුන්නේ ටාලියා මැක්ග්‍රාත් ය.සමහර විට එක් පුද්ගල චරිතයකට වෙනස් කරන්නට නොහැකි තරම් පිඩනයක් දකුණු අප්‍රිකාවෙන් එල්ල වුව ද,හීලි පිටියේ සිටියානම් එය යම් තරමතට මැඬලීම සඳහා ඇයට වෙනත් මාර්ග තිබෙන්නට ඇත.එහෙත් ජයගත් දකුණු අප්‍රිකාවේ ජය අවිවාදිතව විශිෂ්ඨය.
පහතින් ඇත්තේ ලකුණු පූවරුවට යන මඟය.
https://es.pn/3Yunl16



Sri News Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here