මෙරටට පැමිණි ඩීසල් සහ පෙට්‍රල් රැගත් නෞකාවක් ආපසු පිටත්ව යාම පිළිබඳව පළ වූ පුවත් සම්බන්ධයෙන් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ජනක රාජකරුණා කරුණු පැහැදිලි කිරීමක් සිදුකළේය.
“තෙල් නැවක් හරවලා යවපු එකක් නෙමෙයි සිදුවුණේ යුනයිටඩ් පෙට්‍රෝලියම් සමාගම 02 වැනිදා තෙල් නැවක් ගෙනාවා පෙට්‍රල් මෙට්‍රික් ටොන් 15,000කුත් ඩීසල් මෙට්‍රික් ටොන් 15,000කුත්. අන්න ඒ නැව ගොඩබෑමකින් තොරව නැවත අරගෙන ගිහිල්ලා තියෙනවා. ඇත්තටම ගත්තොත් ඒකෙන් රටට කිසිදු බලපෑමක් සිද්ධ වෙන්නේ නෑ, මොකද ඒක පෙට්‍රෝලියම් කෝපරේෂන් එක ගෙනාපු නැවක් නෙමෙයි. පහුගිය කාලේ සමාගම් තුනක් ලංකාවේ තෙල් වෙළෙඳාම් සඳහා අවතීරණ වුණා. එතකොට ඒගොල්ලෝ තෙල් වෙන වෙනම තමයි ගෙන්නන්නේ. මේ තෙල් නැව එයාලගේ අභ්‍යන්තරයේ තියන ගැටළුවක් හින්දා ගොඩබාන්නේ නැතිව නැවත රැගෙන ගිහිල්ලා තියෙනවා. ඛනිජ තෙල් සංස්ථාව සතුව ප්‍රමාණවත් ඉන්ධන තොග තියෙනවා. අපි තෙල් ඇනවුම් කරලා තියෙනවා ලබන වසරේ අප්‍රේල් මාසය දක්වා”
ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපතිවරයා මේ බව පැවසුවේ අද (දෙසැම්බර් 12) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.
Sri News Media