පසුගියදා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සමඟ IMF නියෝජිතයින් මෙරටදී කළ සාකච්ජාව ඵලදායී බවයි ශ්‍රීනිවාසන් මහතා සඳහන් කරන්නේ.
කෙසේවෙතත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහනට ඇති කැපවීම ශ්‍රී ලංකාවේ නව රජයද තහවුරු කර ඇති බව ඔහු කියාසිටියි.
ශ්‍රී ලංකාව ක්‍රියාත්මක කරන ලද ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩසටහනේ ප්‍රතිඵල ලැබෙමින් පවතින බවයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල තවදුරටත් පෙන්වා දෙන්නේ.
විස්තීරණ ණය පහසුකමේ සහාය සහිතව ක්‍රියාත්මක කෙරෙන මෙරට ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩසටහන යටතේ ආර්ථික හා මූල්‍ය ප්‍රතිපත්ති ක්‍රියාවට නැංවීමේ ප්‍රගතිය සහ මෑත කාලීන සාර්ව ආර්ථික ප්‍රවණතා පිළිබද IMF නියෝජිතයින් මෙරටදී මීට පෙර සාකච්ජා කර තිබේ.
ආර්ථික ප්‍රතිසංස්කරණ, අඛණ්ඩව වාරික තුනක දළ දේශීය නිෂ්පාදනයේ වර්ධනය, අඩු උද්ධමනය, රාජ්‍ය ආදායම් රැස්කිරීම ඉහළ යාම සහ විදේශීය සංචිත ගොඩනැගීම මගින් ආර්ථිකය යථා තත්ත්වයට පත් කිරීමට මෙම වැඩසටහන මඟින් ශ්‍රී ලංකාවට සහය සලසා ඇත.
ආශිකා බ්‍රාහ්මණ
Sri News Media