තාඹුගල සහ පියුමිගේ විමර්ශන කඩිනම් කරන ලෙස නියෝගයක්!

0
6


අද (11) දින නිරූපන ශිල්පිනී පියුමි හංසමාලි සහ අවුරා ලංකා සමාගමේ සභාපති විරංජිත් තාඹුගල යන දෙදෙනාට එරෙහි විමර්ශන කඩිනම් කරන ලෙස දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට කොළඹ අතිරේක මහෙස්ත්‍රාත්වරයා නියෝග කළ බව සඳහන් වේ.

අද (11)දේශීය ආදායම් දෙපාර්තමේන්තුව අධිකරණය හමුවේ ගොනුකර තිබූ නඩුවක් නැවත කැඳවූ අවස්ථාවේදී කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් බණ්ඩාර ඉලංගසිංහ මහතා මෙම නියෝගය ලබා දුන් බව වාර්තා වේ. 

දේශීය අදායම් පනතේ 190 වගන්තිය ප්‍රකාරව එම දෙදෙනා බදු පනතට අදාළ වැරදි සිදුකර තිබේද යන්න විමර්ශනය කිරීම සඳහා නියෝගයක් ලබා දෙන ලෙසට දේශීය ආදායම් දෙපාර්තමේන්තුව විසින් එම නඩුව ගොනු කර තිබුණි.

දේශීය අදායම් දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටි නීතීඥ දිනේෂ් පෙරේරා මහතා අධිකරණයට දන්වා ඇත්තේ, මෙම සිද්ධියට අදාළ ලිපි ලේඛන පරීක්ෂා කිරීම සඳහා එම දෙදෙනාගේ නිවාස සෝදිසි කිරීමට අධිකරණ නියෝගයක් ලබාගත් නමුත් එසේ සෝදිසි කිරීම් කටයුතුවල නිරත වන අවස්ථාවේදී එම දෙදෙනා නිවාසවල නොසිටි බවත්ය.



Sri News Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here