කළුතර සංචාරක හෝටලයක වෙඩි තැබීමක් සිදුව ඇති අතර, එම හෝටලයේ ආරක්ෂක නිලධාරීන් සහ පිටස්තර තරුණයින් පිරිසක් අතර ඇති වීමට ගිය ගැටුමක් පාලනය කිරීම සඳහා හෝටලයේ සිටි නිලධාරියෙකු අසහට වෙඩි ප්‍රහාරයක් එල්ල කර ඇති බව කළුතර දකුණ පොලීසිය පවසයි.
පොලිසිය පවසන්නේ, සංචාරක හෝටලය ඉදිරිපිට මුහුදු වෙරළේ තරුණයින් පිරිසක් මත්පැන් පානය කරමින් සිට ඇති අතර, හෝටලයේ ආරක්ෂක නිලධාරීන් සමග ඔවුන් ගැටුමක් ඇතිකර ගැනීමට උත්සාහ කර තිබෙන බවට තොරතුරු ලැබී ඇති බවයි. එහිදී එක් ආරක්ෂක නිලධාරියෙකුට පහරදීමක් සිදුව ඇති අතර, එය පාලනය කිරීම සඳහා ස්ථානයේ රැඳී සිටි හෝටලයේ ඉහල කළමනාකාරීත්වයේ නිලධාරියෙකු සිය ලියාපදිංචි අවසර ලත් ගිනි අවියෙන් අහසට වෙඩි තබා ඇති බවට සිදුකළ මූලික පරීක්ෂණවලදී හෙළිව ඇති බවද පොලිසිය සඳහන් කරයි..
වෙඩි ප්‍රහාරයෙන් කිසිවෙකුටත් තුවාල සිදුව ඇත.
සිද්ධිය සම්බන්ධව පොලීසිය වැඩිදුර විමර්ශන පවත්වන අතර, තරුණ පිරිස පළා ගොස් ඇති බව පවසේ.
Sri News Media