ජාත්‍යන්තර එක්දින පිටියේ හොඳම පිතිකරුවෝ ලංකාවෙන්

0
11


ගෙවුණ 2024 වසරට අදාළව ජාත්‍යන්තර එක්දින පිටියේ වැඩිම ලකුණු එකතුවට හිමිකම් කියන්නට කුසල් මෙණ්ඩිස්ට හැකි වී තිබෙනවා.තරග 18 දී ලකුණු 742 ක් රැස් කරන්නට මෙණ්ඩිස්ට හැකි වී තිබෙනවා.ඒ සඳහා එක් ශතකයක් සහ අර්ධ ශතක හයක් ද මෙණ්ඩිස්ගේ නමට එකතු වී තිබෙනවා.
දෙවන තැන සිටින්නේ පැතුම් නිශ්ශංකය.පැතුම් තරග 12 දී ලකුණු 694 ක් රැස් කර ගන්නට සමත් වි ඇති අතර ඔහු මේ වසරේදී හ්‍රී ලංකාවෙන් මේ දක්වා එක්දින පිටියේ ද්විත්ව ශකතයක් ලබා ගත් පළමුවැන්නා ලෙස ද ඉතිහාසයට එකතු විය.

තෙවන තැන සිටින්නේ ශ්‍රී ලංකා නායක චරිත් අසලංකය.ඔහු තරග 18 දී ලකුණු 605 ක් රැස් කරන්නට සමත් වී ඇත.එසේම මේ වසරේදී ශ්‍රී ලංකාව වැඩිම එක්දින තරග ප්‍රමාණයකට සහභාගි වූ කණ්ඩායම ද වන්නේය.

වැඩිම එක්දින කඩුලු ප්‍රමාණයක් ලබා ගත් පන්දු යවන්නා ලෙස 2024 වසරේදී ඉදිරියෙන් සිටින්නේ ද ශ්‍රී ලංකාවේ වනිදු හසරංගය.ඔහු තරග 10 ක් පමණක් ක්‍රීඩා කර කඩුලු 26 ක් ලබා ගන්නට සමත්ව සිටින්නේය.

ඉන් අනතුරුව ශ්‍රී ලංකා පන්දු යවන්නෙක් දකින්නට ලැබෙන්නේ කඩුලු 15 බැඟින් රැස් කර තිබෙන තැනය.ඒ දස්කම දැක්විමට ජෙෆ්රි වැන්ඩර්සේ තරග 8 ක් ද,මහේෂ් තීක්ෂණ තරග 13 ක් ද ක්‍රීඩා කර ඇත.
කඩුලු රකින්නෙක් ලෙස ද ගෙවුණු වසරේ සාර්ථකත්වය සළකා බලද්දි කුසල් මෙණ්ඩිස් දෙවන තැන සිටියි.ඔහු උඉ පන්දු 12 ක් සහ ස්ටම්ප්ස් කිරීම් 7 ට දායක වි ඇත.වේග පන්දු යවන්නන්ගේ පන්දුවලට කඩුල්ල පිටුපසට වැඩි උඩ පන්දු ප්‍රමාණයක් ඇදි යාම සාමාන්‍ය තත්ත්වය වන අතර එහෙත් ස්ට්ම්ප්ස් කිරීම් වැඩිම ප්‍රමාණයක් ලබා ගනිමින් කුසල් මෙණ්ඩිස් සමස්ත දවා ගැනීම් 19 ට දායක වී දෙවන තැනට පත්ව ඇත.

මෙණ්ඩිස් සහ පැතුම් නිශ්ශංක විස්සයි විස්ස තරගවලදී ද ශ්‍රී ලංකාවෙන් පිළිවෙලින් පෙරමුණට පැමිණ ඇතත්,ශ්‍රී ලංකාවේ පිතිකරුවන් සමස්ත අනු පිළිවෙල සළකද්දි ඉදිරියෙන් සිටින බවක් නොපෙනෙයි.පන්දු යැවීමේදි කඩුලු 38 ක් ලබා වනිදු හසරංග තෙවන තැන පසුවන අතර එහෙත් සමස්තයක් ලෙස ගත් විට ශ්‍රී ලංකාව කණ්ඩායමක් හැටියට විස්සයි විස්ස ජාත්‍යන්තර පිටියේ එක්දින පිටියේදී තරම් කැපී පෙනී නැත.
ටෙස්ට් පිටියේ දක්වා ඇති දස්කම් අනුව කමිඳු මෙණ්ඩිස් සමස්ත සටහනේ පස්වන තැන සිටින අතර ඔහු එහිදී ලකුණු 1049 ක් ලබා ඇත්තේ ශතක 5 ක් සහ අර්ධ ශතක 3 ක් සමඟය.ප්‍රභාත් ජයසූරිය 2024 වසරේදී කඩුලු 48 ක් දවා ගනිමින් සමස්ත සටහනේ හයවන තැන සිටියි.

http://www.sportwaynews.com/



Sri News Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here