ජනාධිපති අනුර ඊයේ (18) පාර්ලිමේන්තුව අමතා කළ සම්පූර්ණ කතාව

0
32


ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඊයේ (දෙසැම්බර් 18) පාර්ලිමේන්තුවේදී සිදුකළ සම්පූර්ණ කතාව පහතින් දැක්වේ.

“ඊයේ දිනයේ ණය ප්‍රතිව්‍යුහගත කර ගැනීම පිළිබඳ පැය තුනක විවාදයක් පැවැත් වුණා. ඒ විවාදයේදී වර්තමාන ණය ප්‍රතිව්‍යුහ ගත කිරීම දක්වා වූ ගමන් මාවතත්, එහිදී අත්පත් කර ගෙන තිබෙන කාර්යභාරයන් පිළිබඳව විවාදයේදී සාකච්ඡා වුණා. එම නිසා මා දීර්ඝ පැහැදිලි කිරීමකට යන්නේ නැහැ. 2028 වන විට අපට ණය ගෙවීමට සිදු වෙනවා, ඊට පස්සේ අපේ රට නැවත බංකොලොත්භාවයට යනවා කියලා නැවත සමාජයේ මතවාදයක් ඇති කරන්න උත්සාහ කරනවා. 2028 තිබෙන්නේත් අපේ ආණ්ඩුව බව මතක තබාගන්න.

මේ රට යළි කිසිඳු දිනක, අනාගතයේ, 2022 -23 වගේ තත්ත්වයක් අපේ රටේ යළි ඇති වීමට අප ඉඩ දෙන්නේ නැහැ. අපේ අපේක්ෂාව තමයි, 2028 වන විට අපේ විදෙස් සංචිත ප්‍රමාණය ඩොලර් බිලියන 15.1 දක්වා වර්ධනය කර ගැනීමට බලාපොරොත්තු වනවා. අපට ශක්තිමත් විශ්වාසයක් තිබෙනවා ඒ වන විට ඩොලර් බිලියන 15.1ක විදෙස් වත්කම් ප්‍රමාණයක් අපට උපයා ගන්න පුළුවන් වේවි කියලා.

ඒ වගේම මා දැක්කා මේ පිළිබඳව කරුණු ඉදිරිපත් කරන විට බොහෝ අය කතා කළේ උපදේශාත්මකවයි. විශාල තොරතුරු ඉදිරිපත් කිරීම් කළා. අද අප ප්‍රතිව්‍යුහගත කිරීමට ලක් කර තිබෙන ඩොලර් බිලියන 12.55ත් එයට ගෙවන්න සිදු වී තිබෙන පැහැර හරින ලද ණය ඩොලර් බිලියන 1.7ක් අප ප්‍රතිව්‍යුහගත කිරීමකට භාජනය කළා. මෙම ඩොලර් බිලියන 12.5න් ඩොලර් බිලියන 11.5ක්ම 2015-2019 ආණ්ඩුව කාලයේ ලබා ගත් ණයයි. අද ඔය උපදේශාත්මක හඬින් කතා කරන අය එදා උපදෙස් දුන්න නම් මේ රට මේ විදිහට බංකළොත්භාවයට පත් වන්නේ නැහැ. ඒ නිසා උපදෙස් ප්‍රමාද වැඩියි. නිශ්චිත මොහොතේ උපදෙස් ලබා දීම තමයි උපදේශවල තිබෙන වටිනාකම ඇති වන්නේ. ඒ නිසා දැන් ලබා දෙන උපදෙස් වලංගු වන්නේ නැහැ.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ දෙවන සමාලෝචනය අවසන් කර දෙවෙනි වාරික මුදල නිදහස් කර ගෙන තිබුණා. අපි බලය අත්පත් කරගන්නා විට තුන්වන සමාලෝචනය පමා වී තිබුණේ. තුන්වෙනි සමාලෝචනය ආරම්භ කරන්න තිබුණේ සැප්තැම්බර් මාසයේයි. මැතිවරණයක් පැවැත්වෙන වෙලාවේදි ඔවුන් තුන්වන සමාලෝචනයට සූදානම් වුණේ නැහැ. ඒ අනුව මහ මැතිවරණය අවසන් වූ වහාම නොවැම්බර් 16 වන දා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ තුන්වන සමාලෝචනය ආරම්භ කළා. දෙවන සමාලෝචනයේදී පුරෝකථනයන්, එකඟතාවන් ගණනාවක් තිබුණා පැවති ආණ්ඩුව එළඹ ගත්. එකක්, ආරෝපිත පොලී ආදායම මත පදනම්ව දේපළ මත බදු පැනවීම. මේ බද්ද 2025දී පැන වීමට දෙවන සමාලෝචනයේදී එකඟතාවකට පැමිණ තිබෙනවා.

සේවා අපනයනය මත 30%ක සංස්ථාපිත බද්දක් ඇති කිරීමට දෙවන සමාලෝචනයේදී එකඟ වී තිබුණා. ජනවාරි මාසය වන විට විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද ඉවත් කර එය එකතු කළ බද්ද මත ආදේශ කිරීම යෝජනා කර තිබුණා. විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද හරහා තමයි අපේ රටේ දේශීය නිෂ්පාදකයින් ආරක්ෂා කර ගැනීම සඳහා බදු පැනවීම, බදු ඉහළ දැමීම හෝ පහළ දැමීම සිදු කරන්නේ. නමුත් දෙවන සමාලෝචනයේදී එකඟතාවයකට පැමිණ තිබුණා එම බද්ද අහෝසි කර ඒ වෙනුවට වැට් බද්ද පනවන්න. ඒ වගේම පුද්ගලික ආදායම් මත බදු රහිත සීමාවන් ඒ විදිහටම පවත්වා ගෙන යන්න තමයි එකඟතාව තිබුණේ.



Sri News Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here