ජනාධිපතිගේ වී තොග වාර්තාව වෙනුවෙන් තොග සමීක්ෂණයක්!

0
27


ඒ අනුව ඊට අදාළව වී හා සහල් තොග සමීක්ෂණය කිරීම මේ දිනවල සිදු කෙරෙන බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය සඳහන් කරයි.

අනුරාධපුර ,පොළොන්නරුව හා අම්පාර ඇතුළු දිස්ත්‍රික් කිහිපයක එම කටයුතු ක්‍රියාත්මක බව සඳහන්.

සුළු හා මධ්‍ය පරිමාණ වී මෝල් හිමියන් සතුව පවතින වී තොග මෙන්ම මහා පරිමාණ වී මෝල් හිමියන් සතුව පවතින තොග ද මේ යටතේ ගණන් ගැනෙන බවයි පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසන්නේ.

පාලන මිලට වැඩියෙන් සහල් අලෙවි කරන ස්ථාන සොයා වැටලීම් ද මේ වනවිට ආරම්භ කර ඇති බවත් එම අධිකාරිය වසයි.

මේ අතර සහල් වෙළඳපොළ සමතුලිත කිරීම සඳහා සුළු හා මධ්‍ය පරිමාණ සහල් ව්‍යාපාරිකයන්ගේ ගබඩා ධාරිතාව වැඩි කිරීමට රජයේ සහාය ලබා දෙන බව පසුගිය 25 වැනිදා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා එම ව්‍යාපාරික නියෝජිත හමුවේදී පැවසිය.

සහල් පාලන මිල වැඩි කරමින් අසාධාරණ ලෙස ලාභ ලැබීමට කිසිදු ව්‍යාපාරිකයෙකුට ඉඩ නොතබන බවයි එහිදී ජනාධිපතිවරයා වැඩිදුරටත් අවධාරණය කළේ.



Sri News Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here