ජනපති අනුර සහ ITAK පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අතර හමුවක්

0
22


ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ඉලංගෙයි තමිල් අරසු කච්චි (ITAK) පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අතර සාකච්ඡාවක් ඊයේ (දෙසැම්බර් 04) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී පැවැත්වී තිබේ.

මෙම හමුවේදී දීර්ඝ කාලයක සිට උතුරු නැගෙනහිර ජනතාව මුහුණ දෙමින් සිටින ගැටලු පිළිබඳව ඉලංගෙයි තමිල් අරසු කච්චි පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ජනාධිපතිවරයාව දැනුවත් කර ඇති බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරන්නේ.

සිවඥානම් ශ්‍රීධරන්, පත්මනාදන් සත්‍යලිංගම්, සන්මුගම් කුගදාසන්, ෂානක්කියන් රාසමාණික්කම්, ඥානමුත්තු ශ්‍රීනේසන්, කවීන්දිරන් කෝඩීස්වරන්, ඉලයතම්බි ශ්‍රීනාත්, තුරෙයිරාසා රවිහරන් යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් මේ අවස්ථාවට එක්ව සිටියහ.



Sri News Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here