ශ්‍රී ලාංකිකයින් 2025 නව වසරට පා තබන්නේ රටත්, ජනතාවත් දශක ගණනාවක් පුරා දුටු සුබ සිහින මල්ඵල ගැන්වෙන නව යුගයක උදාවත් සමගින් බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි.
ග්‍රාමීය දිළිදු බව අවසන් කිරීම, ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන, ඩිජිටල් ආර්ථිකයක් ගොඩනැගීම රටෙහි ප්රමුඛ සංවර්ධන අවශ්‍යතා ලෙස තමන් හඳුනාගෙන සිටින අතර ඒ පසුබිම අනුව සමාජීය, පාරිසරික හා ආචාර ධාර්මික පිබිදීමක් ඔස්සේ සමාජය වඩා දියුණු තලයකට ඔසවා තැබීම අරමුණු කර ගත් “ක්ලීන් ශ්‍රී ලංකා” වැඩසටහන නව වසරේ උදාවත් සමඟ ක්‍රියාවට නංවන බවයි ඒ මහතා සඳහන් කරන්නේ.
2025 නව අවුරුද්ද වෙනුවෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා නිකුත් කළ සුබපැතුම් පණිවිඩය පහතින් දැක්වේ.
Sri News Media