ජනතාවට දැන් තේරිලා තියෙන්නෙ, ඔවුන්ගෙ විශ්වාසය අහිමි වෙලා – ලාන්සා

0
49


ජාතික ජන බලවේගය ජනාධිපතිවරණය ජයග්‍රහණය කර මාසයක් අවසන් වන විට ජනතා විශ්වාසය අහිමි වී ගොස් ඇති බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් ලාන්සා මහතා පැවසීය.

නිමල් ලාන්සා මහතා මෙම අදහස් පළ කර සිටියේ නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ ගම්පහ දිස්ත්‍රික් අපේක්ෂක හමුවක් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් මීගමුව ඔලැන්රෝ හෝටලයේ පැවති අවස්ථාවකදීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ නිමල් ලාන්සා මහතා,

” මැතිවරණ කාලය තුල ජනතා විමුක්ති පෙරමුණ ජනතාව ඉදිරියේ තැබූ කිසිම පොරොන්දුවක් ඉටු කරන්න බැහැ කියලා මාලිමාවේ අය පැහැදිලිව දන්නවා. ඒ නිසා ඉක්මනින් ජන්දය තියලා ජන්දය ජයග්‍රහණය කරගන්න ඕන කියලා ඒ අය හිතුවා. ඒ අනුව තමයි මැතිවරණය ඉතා ඉක්මනින් තියන්නෙ. හැබැයි මේ මැතිවරණය ආරම්භයෙදි අපිට අවාසිව තිබුනා. ජන්දයක් දිනලා ඊලග ජන්දය දිනන්නේ සාමන්‍යයෙන් දිනපු පක්ෂය. හැබැයි මාසයක් ගියාට පස්සේ දැන් ජනතාවට තේරිලා තියෙනවා ඒ අය කියපු එක පොරොන්දුවක්වත් ඉටු කරගන්න බෑ කියලා.

අද අපේ මැතිවරණ ව්‍යාපාරය සාර්ථකව ඉදිරියට යනවා. ඒ නිසා ඉතිරි දවස් 17 ඇතුළත අපේ ක්‍රියාකාරීන් ජනතාව දැනුවත් කිරීම් නිසි පරිදි සිදු කළොත් අපිට විශාල ජයග්‍රහණයක් ලබා ගන්න පුළුවන්.

ගිය මැතිවරණ ප්‍රතිඵලය අනුව ගම්පහ දිස්ත්‍රික්කයේ මන්ත්‍රී ආසන 03 ක් තියෙනවා. අපිට මන්ත්‍රී ආසන හතරක් ගම්පහ දිස්ත්‍රික්කයෙන් ලබා ගන්න පුළුවන්. ලංකාව පුරාම මන්ත්‍රී ආසන 45 ක් ලබා ගන්න පුළුවන් වෙනවා. ඒක ලබා ගත්තොත් පාර්ලිමේන්තුව තුල විපක්ෂ නායකකම අපිට ලබා ගන්න පුළුවන්. පාර්ලිමේන්තුව තුළ විපක්ෂ නායකකම ගැනීම තමයි අපේ ප්‍රධාන අරමුණ වෙලා තියෙන්නේ.

අපි සැවොම එකතුවෙලා මැතිවරණ ව්‍යාපාරය සාර්ථකව මෙහෙයවුවහොත් ඉදිරි දවස් 16 තුළ අපිට පුලුවන් එම ජයග්‍රහණය කරා යන්න.



Sri News Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here